දකුණු අප්‍රිකා එංගලන්ත තරඟාවලිය ලංකා ප්‍රිමියර් ලීගයට හරස් වෙයි ?

[vc_row][vc_column][vc_column_text]එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය වෙනුවෙන් දකුණු අප්‍රිකානු රජයේ අනුමැතිය හිමිවී ඇත. ඒ අනුව එක්දින තරග තුනක් හා විස්සයි විස්ස තරග තුනක් ඇතුළත් මෙම තරග සංචාරය නොවැම්බර් මස 27වනදා සිට දෙසැම්බර් මස 9වනදා තෙක් පැවැත්වීමට නියමිතය.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් මාතෘකාවක් වූ අතර කොවිඩ් රෝගී තත්වයන් හේතුවෙන් මාර්තු මසින් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට දකුණු අප්‍රිකාව සහභාගි වන ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙම තරගාවලිය ක්‍රිකට් ක්‍රීඩාවට උත්තේජනයක් වෙයි. වත්මන් ලෝක ශූරයන් පරාජයට පත් කරන්න අපේ ක්‍රීඩකයන්ට අවශ්‍ය උපරිම සහයෝගය අපි ලබ දෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් තරග නැවත ආරම්භයට ලබාදුන් සහය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය වශයෙන් අප දකුණු අප්‍රිකානු රජයේ කටයුතු කළ ආකාරය අගය කළ යුතුමයි.

ක්‍රිකට් තරග නැවත ආරම්භ කළද සෞඛ්‍යය ආරක්ෂාවට මුල්තැන දී කටයුතු කරනවා” යනුවෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් වැඩබලන විදායක නිළධාරී කුගාන්ද්‍රි ගෝවෙන්ද මහතා ESPNCRICINFO අඩවිය වෙත අදහස් පළකොට ඇත.

නොවැම්බර් මස 16වනදා එංගලන්ත කණ්ඩායම දකුණු අප්‍රිකාවට ලගාවීමට නියමිත අතර 21හා 23 යන දිනයන්හිදී පුහුණු තරග වලට එක්වීමට නියමිතය. නොවැම්බර් මස 27, 29 හා දෙසැම්බර් මස පළමුවැනිදා විස්සයි විස්ස තරග පැවැත්වෙන අතර එක්දින තරගාවලිය දෙසැම්බර් මස 4, 6 හා 9 යන දිනයන්හිදී පැවැත්වේ.

මෙම තරගාවලිය හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් දකුණු අප්‍රිකානු හා එංගලන්ත ක්‍රීඩකයන්ගේ සහභාගි වීම සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු නිවේදනයක් නිකුත් කොට නොමැත.

පසුගිය දහනවවනදා පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලියේදී එංගලන්ත හා දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයන් වන ඩේවිඩ් මාලන්, ෆැෆ් ඩු ප්ලෙසි හා ඩේවිඩ් මිලර් යන ක්‍රීඩකයන් කණ්ඩායම් වෙනුවෙන් තෝරාගැනුනු අතර අද දිනයේදී ප්‍රකාශයට පත් කෙරුණු දකුණු අප්‍රිකානු එංගලන්ත තරගාවලිය හේතුවෙන් ඔවුනට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අහිමි වීමේ වැඩි ඉඩකඩක් පවතී.

චතුරා රාමනායක (ක්‍රීඩා ස්පෝර්ට්ස් නෙට්වර්ක් )[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top