දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාහී වන පිරිමි, කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නම් කරයි.

[vc_row][vc_column][vc_column_text]මෙම වසරේ දෙසැම්බර් මස 1 වනදා සිට 10 වනදා තෙක් නේපාලයේ පැවත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ( සාග්) ක්‍රිකට්ඉසව්ව සඳහා සහභාගී වීමට නියමිත පිරිමි හා කන්තා ක්‍රිකට් කණ්ඩායම් වලට අද දින ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි විය.

මෙවර ක්‍රිකට් ඉසව්ව වයස 23න් පහළ ලෙස පැවත්වීමට නියමිත වන අතර සාග් ක්‍රීඩා උළෙලකට ක්‍රිකට් ක්‍රීඩා අංගය එක් වූ දෙවනඅවස්ථාව මෙය වේ.

මීට ප්‍රථම 2010දී බංග්ලාදේශයේ ඩකා නුවරදී වයස 21න් පහළ ක්‍රිකට් තරගාවලියක් සාග් ක්‍රීඩා උළෙල යටතේ පැවත්විනි.

පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා 19න් පහල හිටපු නායකයෙක් වන චරිත් අසලංකට හිමිවී ඇති අතර උපනායකත්වය කමිදුමෙන්ඩිස් හට හිමිවී ඇත.

කමිදු මෙන්ඩිස් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි විස්ස තරග සඳහාද තම දායකත්වය ලබා දී ඇත.

තරගාවලිය සඳහා සහභාගී වන පිරිමි සංචිතය.

චරිත් අසලංක ( නායක)

කමිදු මෙන්ඩිස් ( උප නායක)

පැතුම් නිස්සංක

හසිත බෝයගොඩ

ජෙහාන් ඩැනියෙල්

විශ්ව චතුරංග

අශේන් බණ්ඩාර

ශම්මු අශාන්

අසිත ප්‍රනාන්දු

කලන පෙරේරා

නිශාන් පිරීස්

දුවිදු තිලකරත්න

සචිඳු කොලඹගේ

කනිශ්ක අංජුල

මීට අමතරව තරගාවලිය සඳහා සහභාගී වන කාන්තා 23න් පහල ක්‍රිකට් කණ්ඩායමේ නායකත්ව වගකීම හර්ශිතා මාධවී හට පැවරී ඇතිඅතර එය මේ වන විට ශ්‍රී ලංකාවේ පැවත්වෙන නැගී එන කණ්ඩායම් වල ආසියානු කුසලනායේ නායකත්වයද දරයි.

තරගාවලිය සඳහා සහභාගී වන කාන්තා සංචිතය

හර්ශිතා මාධවී ( නායිකා)

කවීශා දිල්හාරි ( උප නායිකා)

සත්‍යා සංදීපනී

උමාශා තුමේශීනි

තාරිකා සෙව්වන්දි

ලිහිණි අප්සරා

ජිමන්ජලී විජේනායක

සචිනි නිසංසලා

නිලක්ශනා සඳමිනී

ශයන ඕෂධී

මල්ෂා රණතුංග

තාරුකා ෂෙහානි

ශිකාරා නුවන්තා

සචිනි ද සිල්වා

ජනදි අනාලි[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top