දකුණු ආසියානු ක්‍රීඩා උළලේ කාන්තා ක්‍රිකට් රන් බලාපොරොත්තුව ගිලිහේ

[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු ක්‍රීඩා උළලේ කාන්තා ක්‍රිකට් අවසන් මහා තරගය ලකුණු දෙකකින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට රිදී පදක්කමෙන් සැනසීමට සිදුවිය.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවෙමින් බංගලාදේශ කාන්තා කණ්ඩායම ළකුණු 91කට සීමා කිරීමට සමත්විය.
මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් උමේෂා තිමාෂානි ළකුණු 8කට සිය පන්දුවාර 4 නිමාකරමින් කඩුලු 4ක් බිද හෙළීමට සමත්වූවාය.. බංගලාදේශය වෙනුවෙන් නිගාර් සුල්තානා ළකුණු 29ක් ලබා ගනිමින් බංගලාදේශ ඉනීමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වීමට සමත්වූවාය.

ළකුණු 92ක පහසු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා ඉනීමේ ආරම්භය සාර්ථක නොවූ අතර ළකුණු 30ක් තුළ කඩුලු 4ක් බිදවැටීම නිසා අසීරු අඩියකට පත්විය. නමුත් හර්ෂිතා මාධවී හා ලිහිණි අප්සරා ගොඩනැගූ සම්බන්ධතාවය ශ්‍රී ලංකාවට රන් පදක්කම් බලාපොරොත්තු ඇතිකළ අතර නමුත් හර්ෂිතා දැවීයාමත් සමග සියලු බලාපොරොත්තු අවසන් විය. ලහිණි අප්සරා දුවද්දී දැවීගිය අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකාව වෙතින් රන් පදක්කම් බලාපොරොත්තු සුන්විය.

ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 2ක් දැවී ළකුණු 89ක් ලබා ගත්තේ රන් පදක්කම් සිහිනය ළකුණු 2කින් අහිමි කර ගනිමිනි.

බංගලාදේශ කාන්තා කණ්ඩායම 91 – 8 (20) නිගාර් සුල්තානා 29 උමේෂා තිමාෂානි 4 – 8

ශ්‍රී ලංක කාන්තා කණ්ඩායම 89 – 9 (20) හර්ශිතා මාධවී 32 , ළිහිණි අප්සරා 25[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top