දැල්පන්දු තේරීම් තරග එළඹෙන 21 වනදා

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු සංචිතයට ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සඳහා පවත්වනු ලබන පළමු තේරීම් අදියර දෙසැම්බර් 21 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පෙරවරු 8.00 ට ආරම්භ වීමට නියමිතය.

ලබන වසරේ පැවැත්වෙන 13 වැනි ආසියානු ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය ඉලක්ක කරගනිමින් තේරීම් ක්‍රියාවලිය පැවැත්වෙයි. මේ අතර අඩි පහයි අඟල් අටක උසකින් යුත් ක්‍රීඩිකාවන්ට ප්‍රමුඛත්වය ලබාදී ජාතික සංචිත පුහුණුව ජනවාරි 15 ​​වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

මේ අතර, ආසියානු ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිණිය ලෙස පී.ඩී.එන්.ප්‍රසාදි කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකාව, මැලේසියාව, හොංකොං සහ තායිලන්තය සමඟ පැවැත්වෙන ආසියානු ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාවලියේ සත්කාරක රට ආසියානු දැල්පන්දු සම්මේලනය විසින් තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.

Back To Top