දිගින් දිගටම ලද පරාජයන් හමුවේ සිම්බාබ්වේ පුහුණුකරු ඉල්ලා අස්වෙයි

ඩේව් හූටන් සිම්බාබ්වේ පිරිමි ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. ඔහු පසුගිය ජුනි මාසයේදී එම තනතුර භාරගත් අතර මාස 18ක් සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළේය. සිම්බාබ්වේ කණ්ඩායම T20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට අපොහොසත් වීමෙන් පසුව සහ අයර්ලන්තයට එරෙහිව එක්දින හා විස්සයි විස්ස තරඟාවලි දෙකම පරාජයට පත් වූ පසුබිමක Houghton ESPNcricinfo වෙත පැවසුවේ ක්‍රීඩකයින් තවදුරටත් තමාගේ හඬට ප්‍රතිචාර නොදක්වන බව තමාට හැඟුණු බවයි.

බදාදා පැවති සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩල රැස්වීමේදී ඔහු සිය ඉල්ලා අස්වීම භාර දී ඇත. කණ්ඩායමේ මීළඟ තරගාවලිය වන ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා අතුරු පුහුණුකාර මණ්ඩලයක් පත් කිරීමට නියමිතය. Houghton සිම්බාබ්වේ ක්‍රිකට් සමඟ තවදුරටත් රැඳී සිටින අතර රටේ ක්‍රිකට් දියුණුව සඳහා දිගටම සම්බන්ධ වීමට බලාපොරොත්තු වන බැවින් ඔහුව වෙනස් කාර්යභාරයක් සඳහා නැවත අනුයුක්ත කරනු ඇත.

Back To Top