[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් 19න් පහළ කණ්ඩායම් අතර පළමු සිව්දින ටෙස්ට් තරගය ඊයෙ දඹුල්ල ජාතන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඊයේ දිනයේදී තරගය වර්ෂාවෙන් බාධා එල්ල වීම හමුවේ ක්‍රියාත්මක කිරීමට හැකිවීමෙන් පන්දුවට තිස් අටක් පමණයි. ඒ දී කඩුලු 3ක් දැවී ලකුණු 163 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා යොවුන් පිල සමත් වුණා. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු පුලිදු පෙරේරා පන්දු හැට හයක් තුළ හතරේ පහර 8ක් හා හයේ පහර 2කින් වේගවත් ලකුණු 71ක් ශ්‍රී ලංකා ඉනීමට එක්කළා.
අද දිනයට තරගය ආරම්භ කරන විට නොදෙවී කඩුල්ලේ රැඳී සිටි දිනුර කළුපහන ලකුණු 15ක් රැස්කොට සිටියා. ලකුණු 215කට කඩුලු 6ක් ලෙසින් වරෙක ශ්‍රී ලංකා ඉනීම දිස් වද්දී පිටියේ එක් වූ දිනුර හා මාල්ෂ තිරුපති ශතක සබදතාවක්(ලකුණු 103) ගොඩනගන්නට වුණා. මල්ෂ තිරුපති පන්දු පනස් අටක් තුළ හතරේ පහර 8ක් හා හයේ පහර දෙකක් සමගින් වේගවත් ලකුණු 65ක් රැස්කිරීමට සමත් වුණා. අටවන කඩුල්ලට විහස් තෙව්මික හා දිනුර කලුපහන එක්ව තවත් ශතක සබඳතාවක් ගොඩනගන්නට වුණා.
ඔවුන් දෙදෙනා අතරෙහි අටවන කඩුල්ලට ලකුණු එකසිය දාහතරක සමබතාවක් ගොඩ නැගණා. ශ්‍රී ලංකා ඉනිමේ කොඳුනාරටිය වූ දිනුර කළුපහන පන්දු 229 ක්‍රීඩාකරමින් හතරේ පහර 16ක් හා 6 පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 150 ක් රැස්කිරීමට සමත් වුණා. විහස් තෙව්මික ලකුණු 35කට දැවී යාමෙන් අනතුරුව සිය පළමු ඉනිම අත්හිටුවීමට නායක සිනෙත් ජයවර්ධන තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 105 ක් තුළදී කඩුලු 8 කට ලකුණු හාරසිය තිස් දෙකක් රැස්කළා.
ශ්‍රී ලංකා පළමු ඉනීම – 432/8d
දිනුර කලුපහන 150*, පුලිදු පෙරේරා 71, මල්ෂ තිරුපති 65, විහස් තෙව්මික, සිනෙත් ජයවර්ධන 34
ටාරික් එඩ්වර්ඩ් 3/99, ඉසායි ත්රෝන් 2/58
කොදෙව් පළමු ඉනීම – 27/1[/vc_column_text][/vc_column][/vc_row]