දිමුත් කරුණාරත්න ගෙන් කළකට අමතක නොව අද්විතීය ද්විත්ව ශතකයක්.

[vc_row][vc_column][vc_column_text]කුමාර් සංගක්කාර ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගත් දිනයෙන් පසු ටෙස්ට් ඉනීමක ශ්‍රී ලංකා  ක්‍රීඩකයෙකු වාර්තා කළ ඉහලම ලකුණු සංඛ්‍යාව රැස්කිරීමට නායක දිමුත් කරුණාරත්න අද දිනයේදී සමත් විය. සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී විශිෂ්ට ඉනීමක් ක්‍රීඩා කරන්නට දිමුත් කරුණාරත්න සමත් විය.

ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පැමිණි දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් දිවියේ මංගල ද්විත්ව ශතකය වාර්තා කරන්නට සමත් විය. ඒ අනුව 2015 වසරේ නවසීලන්තයට එරෙහිව කුමාර් සංගක්කාර රැස්කළ ද්විත්ව ශතකයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රැස්කළ දෙවන ද්විත්ව ශතකය බවට මෙය පත් විය.

මින් පෙර 2018 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඇන්ජිලෝ මැතිවුස් නොදැවුනු ලකුණු 200ක් රැස්කිරීමට සමත් විය. මේ වන විටත් දිමුත් කරුණාරත්න පන්දු 419 කදී ලකුණු 234 ක් රැස්කරගෙන කඩුල්ලේ රැදී සිටියි.

සංගක්කාරගේ සමුගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පිතිකරුවන් ඉනීමකදී රැස්කළ වැඩිම ලකුණු

දිමුත් කරුණාරත්න – 234*
ඇන්ජිලෝ මැතිවුස් – 200*
දිමුත් කරුණාරත්න – 196
කුසල් මෙන්ඩිස් – 196
කුසල් මෙන්ඩිස් – 194
දිමුත් කරුණාරත්න – 186

Cree-da-Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top