[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශ ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් හොදම සබදතාවය වාර්තා කරන්නට ශ්රී ලංකා නායක දිමුත් කරුණාරත්න හා ධනංජය සිල්වා අද දිනයේදී සමත් විය. ඔවුන් දෙදෙනා විසින් බිදහෙලනු ලැබූයේ කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන සතු වූ වසර 14ක් පමණ පැරණි වාර්තාවකි.
බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව 2007 වසරේ අස්ගිරිය ක්රීඩාංගණයේ පැවති ටෙස්ට් තරගයේදී ශ්රී ලංකා ඉනීමේ තෙවන කඩුල්ලට ලකුණු 311ක් ගොඩනගන්නට සංගා මහේල සමත් වූහ.
වසර 14කට ආසන්න කාලයක් පුරාවට පැවති එම වාර්තාව බිදහෙලමින් ලකුණු 322ක නොබිදුනු සබදතාවක් ගොඩනගන්නට දිමුත් හා ධනංජයට හැකිවිය.
මින් පෙර 2018 වසරේදී ධනංජය සිල්වා හා කුසල් මෙන්ඩිස් එක්ව ශ්රී ලංකා ඉනීමේ දෙවන කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 308ක් රැස්කොට තිබුණි.
බංග්ලාදේශ ශ්රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සදහා වන ඉහළම සබදතා
දිමුත් කරුණාරත්න & ධනංජය සිල්වා – 322*
කුමාර් සංගක්කාර & මහේල ජයවර්ධන – 311
කුසල් මෙන්ඩිස් & ධනංජය සිල්වා – 308
තිලාන් සමරවීර & තිලකරත්න ඩිල්ෂාන් – 280
මොහොමඩ් අශ්රාෆුල් මුෂ්ෆිකර් රහීම් – 267
Cree-da-sports Network[/vc_column_text][/vc_column][/vc_row]