දිල්ලිය යළිත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට !!!

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් ඊයේ රාතියේදී පැවැත්වූයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතරය. කාසිය වාසිය හිමිකරගත් හයිද්‍රාබාද් නායක කේන් විලියම්සන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව සන්රයිසස් ඉනීම ආරම්භ කරමින් පිටියට පිවිසෙන්නේ කඩුලු රකින ක්‍රීඩක සහා සමගින් ඩේවිඩ් වෝනර්ය.

මුහුණ දුන් තෙවන පන්දුවේදීම ඩේවිඩ් වෝනර් ලකුණු නොලබා දැවීයන්නේ ඇන්රිච් නෝකියාගේ පන්දුවක් හමුවේය. අනතුරුව සහා හා කේන් විලියම්සන් ලකුණු 18ක් තුළදී දවාගැනීමට රබාඩා හා අක්ෂාර් පටෙල් සමත් විය. නැවත වරක් ක්‍රියාත්මක වූ කාගිසෝ රබාඩා ලකුණු 17ක් රැස්කොට සිටි මනීෂ් පාන්ඩේ දවාගැනීමට සමත් විය. කේදාර් ජඩාව් ලකුණු 3කට දැවී ගියේ ඇන්රිච් නෝකියා හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසු වෙමිනි.

හයිද්‍රාබාද් ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වන අබ්දුල් සමාඩ් පන්දු 21කදී ලකුණු 28ක් රැස්කිරීමට සමත් විය. රශීඩ් ඛාන් ලකුණු 22කට දුවද්දී දැවීයාමට හසුවූ අතර නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 9ක් දැවී සන්රයිසස් කණ්ඩායමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 134ක් පමණි. පන්දු යැවීමේදී කාහිසෝ රබාඩා කඩුලු 3ක්ද ඇන්රිච් නෝකියා හා අක්ෂාර් පටෙල් කඩුලු 2 බැගින්ද බිදහෙලීය.

ඉලක්කය හබායාමට පිටියට පිවිසි දිල්ලි කණ්ඩායමේ ආරම්භ පිතිකරු ප්‍රිත්වි ශෝ ලකුණු 11කදී ක්‍රීඩාගාරයට හරවායවන්නට කලීල් අහමඩ්ට හැකිවිය. අනතුරුව ශ්‍රෙයාස් අයියර් හා ශිකර් ධවාන් දෙවන කඩුල්ලට ලකුණු 52ක් එක් කළහ. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වන්නට ශිකර් ධවාන් සමත් වූයේ ඊයේ දිනයේදී ලකුණු 42ක් රැස්කරමිනි. ශ්‍රෙයාස් අයියර් සමගින් එක්වන දිල්ලි කැපිටල්ස් නායක රිෂාබ් පාන්ට් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය අතර අයියර් එල්ල කළ හයේ පහරකින් තරගය අවසන් විය. ඔවුන් දෙදෙනා නොදැවී ලකුණු 47ක් හා 35ක් රැස්කළේ හයේ පහර 2 බැගින් එල්ල කරමිනි. මෙම ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ නැවතත් පෙරමුණට පැමිණීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් විය.

සන්රයිසස් හයිද්‍රාබාද් : 134-9 (20.0)
අබ්දුල් සමාඩ් 28(21), රශීඩ් ඛාන් 22(19)
කාගිසෝ රබාඩා 3/37, ඇන්රිච් නෝකියා 2/12, අක්ෂාර් පටෙල් 2/21

දිල්ලි කැපිටල්ස් : 139-2 (17.5)
ශ්‍රෙයාස් අයියර්* 47(41), ශිකර් ධවාන් 42(37), රිෂාබ් පාන්ට්* 35(31)
රශීඩ් ඛාන් 1/26, කලීල් අහමඩ් 1/33

Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top