දිල්ලි බුල්ස් කණ්ඩායමට තවත් පරාජයක් අත් වෙයි!

[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ මූලික වටයේ තරඟ පැවත්වෙන අවසාන දිනය වූ අද ප්‍රසාද ලකුණු සටහනේ 7 වන ස්ථානයේ සහ පස්වනස්ථානයේ රැඳී සිටින දිල්ලි බුල්ස් කණ්ඩායම සහ ක්වැල්නඩර්ස් පිල අතර අද පැවති අතර තරඟයෙන්

තරඟාවලියේන් ඉවතට විසි වුනත් ගෞරවය රැකගැනීමේ අරමුණෙන් කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අතර පිතිකරණලැයිස්තුවේ විශේෂ වෙනසක් කරමින් ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් පෙරේරා ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියවත් දෙදෙනාටමසාර්ථක වීමට ඉඩ ලැබුනේ නැත.

පිලිවෙලින් ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් පෙරේරා ලකුණු 5කට සහ 14කට දැවී යද්දී කණ්ඩායම තවත් පීඩනයට පත් වෙමින් නායක ඔයින්මෝගන් ලකුණු 4කට දැවී ගියේය.

කඩුලු 6කට ලකුණු 46ක් රැස් කරගෙන දිල්ලි බුල්ස් කණ්ඩායම දැඩි අසීරුතාවට පත්ව සිටියදී කණ්ඩායම ගෞරවනීය ලකුණු ප්‍රමාණයකටරැගෙන එමින් ඇෆ්ගනිස්ථාන හිටපු නායක මොහමඩ් නබි පන්දු 21කට ලකුණු 46ක් රැස් කලේ හයේ පහරවල් 4ක් සහ හතරේ පහරවල්3ක් සමඟිනි.

දිල්ලි බුල්ස් කණ්ඩායම පන්දුවාර 10 අවසානයේ ලකුණු 98ක් රැස් කල අතර ක්වැල්නඩර්ස් පිල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූමුජිබර් රහ්මාන්, ලහිරු පෙරේරා සහ ජෝර්ජ් ගාටන් කඩුලු දෙක බැගින් දවාගත්තේය.

බැලූ බැල්මට පහසු ඉල්ලකයක් වූවත් දක්ෂ පන්දු යැවීමක සහ පන්දු රැකීමක නිරත වූ දිල්ලි බුල්ස් කණ්ඩායම අවසාන පන්දුවාරය තෙක්දැඩි සටනක් ලබා දුන්නේය. දෙපිලම අවසාන පන්දුවාරය තෙක් කරට කර තියුණු සටනක් ලබා දුන් අතර අවසාන පන්දුවාරයේ පස්වනපන්දුවේ එල්ලක කල හයේ පහරක් සමඟින් කඩුලු දෙකකින් තරඟය ජයග්‍රහණය කර තරඟාවලිය ජයග්‍රාහීව අවසන් කිරීමට ඩේවිඩ් මාලන්ප්‍රමුඛ ක්වැල්නඩර්ස් කණ්ඩායම සමත් විය.

ටොම් කහ්ලර් ලකුණු 27ක්ද නායක ඩේවිඩ් මාලන් ලකුණු 19ක්ද රැස් කලේය.

සීක්කුගේ ප්‍රසන්න ලකුණු 11ක් රැස් කිරිමට සමත් විය.

පන්දු යැවීමට සහීර් කාන්, වහීඩ් අහමඩ් කඩුලු දෙක බැගින් දවාගත්තේය.

ක්වැල්නඩර්ස් පිල ජයග්‍රහණය කලත් අවසාන කණ්ඩායම් 4ට එකතු වීමට අපොහොසත් වූ අතර ප්‍රසාද ලකුණු සටහනේ 5වන ස්ථානයේතරඟාවලිය අවසන් කලේය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top