දිවා රාත්‍රී තරග වෙනුවෙන් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය යළිත් සූදානම්.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය දිවා රාත්‍රී ක්‍රිකට් තරග පැවැත්වීමට සුදුසු මට්ටමින් නවීකරණය කොට ඇත. ඒ අනුව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය නවීන ආලෝක පද්ධතියකින් නවීකරණය කරන ලද ක්‍රීඩාංගනයක් බවට පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් Daily News වාර්තා කොට ඇත.

දඹුල්ල ක්‍රීඩාංගනය ආලෝක ධාරිතාවේ ගැටළු හේතුවෙන් විදුලි ආලෝකය යටතේ ක්‍රීඩා කිරීමේ අභියෝගයන්ට මුහුණ දුන් නමුත් එය දැන් නව ආලෝක පද්ධතියකින් සමන්විත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියා පැවසීය.

නව ආලෝක පද්ධතියක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් කළමනාකාරීත්වය ගත් තීරණයක් අනුව, ක්‍රීඩාංගණය වටා LED ආලෝක කුළුණු හයක් ඉදිකර ඇත. ඉන්දියාවේ ක්‍රීඩාංගණවල භාවිතා කරන නව තාක්‍ෂණය ඇතුළත් LED බල්බ සහිත ශ්‍රී ලංකාවේ එකම ක්‍රීඩාංගණය වනුයේද දඹුල්ල ක්‍රීඩාංගණයයි.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි විස්සයි විස්ස තරඟ දඹුල්ලේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත, නවාතැන් පහසුකම් පිළිබඳව ගැටලු හේතුවෙන් මෙම තරඟ කොළඹට ගෙන යාමට සිදු විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලැබෙන සියලුම මුදල් වලින් ක්‍රීඩාංගණයට ආසන එක් කිරීම පිළිබඳව යෝජනාවක් ද ඉදිරිපත් වී ඇත.

Back To Top