[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන කාන්තා 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණ දුන් දෙවැනි තරගයෙන්ද අමිහිරි පරාජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ලකුණු අතරට නොපැමිණීමත්, දුර්වල පන්දු රැකීමත් මෙම තරගය පරාජය වීමට ප්‍රධානතම හේතුවයි. තරගය ඔස්ට්‍රේලියාවේ පර්ත්හිදී පැවැත්වුණා.
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. කණ්ඩායම වෙනුවෙන් මෙම තරගයේදී සාර්ථක පිතිහරඹයක නිරත වෙමින් නායිකා චමරි අතපත්තු පන්දු 38 කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 50 ක්. ඇයගේ ඉනිමට 4 පහර 7 ක් සහ 6 පහර 2 ක් ඇතුලත් වුණා. අනුෂ්කා සංජීවනී ලකුණු 25 ක් සහ උමේෂා තිමාෂිනී ලකුණු 20 ක් රැස් කළා. පන්දු යැවීමේදී නිකොලා කේරි සහ මොලී ස්ට්‍රැනෝ කඩුලු 2 බැගින් බිද හෙලුවා.
පිලිතුරු ඉනිම ආරම්භ කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 10 ක් ඇතුලත දැවී ගියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තරගයේ ජයග්‍රහණය පිළිබද බලාපොරොත්තු ඇති කරමින්. නමුත් සිව්වැනි කඩුල්ල සදහා නායිකා මෙග් ලෙනින් සහ රචිල් හෙයින්ස් ලකුණු 95 ක සබධතාවක් ගොඩ නැගුවා. තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩාකවන්ගේ දුර්වල පන්දු රැකීම හමුවේ ප්‍රතිවාදී ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා පහසුවෙන් ලගා වීමද විශේෂත්වයක්. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙහිදී උඩ පන්දු 3 ක් අතහැර තිබෙනවා. ඔස්ට්‍රේලියාව තරගය ජය ගත්තේ පන්දු වාර 19 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 123 ක් රැස් කරමින්. රචිල් හෙයින්ස් ලකුණු 60 ක් රැස් කළ අතර මෙග් ලෙනින් නොදැවී ලකුණු 41 යි. උදේශිකා ප්‍රබෝධනී සහ සශිකලා සිරිවර්ධන කඩුලු 2 බැගින් බිද හෙලුවා. තරගයෙන් ඔස්ට්‍රේලියාව ජය ගත්තේ කඩුලු 5 කින්.[/vc_column_text][/vc_column][/vc_row]