දුර්වල පිතිකරණය නිසා තවත් තරගාවලි පරාජයක්

මෙම වසරේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ සමත් වුණා.ඒ නවසීලන්තය සමග අද පැවැති දෙවැනි එක්දින තරගයේදී.එම තරගයෙන් නවසීලන්තය ජය ගත්තේ ලකුණු 113 කින්.හැමිල්ටන්හිදී පැවැති එක් ඉනිමක් වර්ෂාව හේතුවෙන් පන්දු වාර 37කට සීමා කෙරුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දු වාර 37 ඇතුළත කඩුලු නවයක් දැවී ලකුණු 255 ක් රැස් කලා.මහීෂ් තීක්ෂණ කඩුලු 4 ක් දවා ගත්තා.මහීෂ් තීක්ෂණගේ කඩුලු ත්‍රිත්වය හමුවේ දැවී ගියේ මිචෙල් සැන්ට්නර්, නේතන් ස්මිත් සහ මැට් හෙන්රි යන ක්‍රීඩකයන්.මීට පෙර චමින්ද වාස්, ලසිත් මාලිංග, ෆර්ර්විස් මහරූෆ්, තිසර පෙරේරා, වනිදු හසරංග සහ ඩිල්ශාන් මදුශංක ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් දින ක්‍රිකට් තරගවලදී කඩුලු ත්‍රිත්ව දවාගෙන තිබුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයක කඩුලු ත්‍රිත්වයක් දවා ගත් 7 වැනි පන්දු යවන්නා ලෙසයි ඔහු ඉතිහාසයට එක් වුණේ.මේ අතර නවසීලන්තයට එරෙහිව එක්දින තරගයක කඩුලු තිත්වයක් දවා ගත් පළමු ශ්‍රී ලාංකික පන්දු යවන්නා වන්නේද මහීෂ් තීක්ෂණයි.පිලිතුරු ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දු වාර 30 යි පන්දු 2 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස්කලේ ලකුණු 142 ක් පමණයි.කමිදු මෙන්ඩිස් ලකුණු 64 යි.

Back To Top