දෙදින පුහුණු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි

[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මාර්තු 21 වැනිදා ආරම්භවීමට නියමිත පළමු ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු සහ එකම දෙදින පුහුණු තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට එරෙහිව පැවැති මෙම තරගයේ දෙවැනි දිනට තරගය නිමා කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 56 ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ඇරැඹි ළහිරු තිරිමාන්න ලකුණු 23 ක් සහ නායක දිමුත් කරුණාරත්න ලකුණු 27 ක් වශයෙන් ලබා සිටියහ.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේදී සියලු දෙනා ලකුණු 170 කට සීමා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත්වූහ. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඕෂද ප්‍රනාන්දු වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 47 ක් රැස් කළේ පන්දු 90 කට මුහුණ දෙමිනි. ඔහුට අමතරව දිනේෂ් චන්දිමාල් ද  ලකුණු 40 සීමාව ඉක්මවා ගිය අනෙක් පිතිකරුවා බවට පත්විය.

ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේදී ලබා දුන් ඉලක්කය හඹා ගිය කොදෙව් සභාපතිවරයාගේ කණ්ඩායම ලකුණු 294 ක් ලබා ගත්තේය. එක්දින තරගාවලියට ක්‍රීඩා කරන ලද ෂායි හෝප් මෙම තරගයටද ක්‍රීඩා කරමින් පන්දු 89 කදී ලකුණු 68 ක් ලබා ගත්තේය. ඔහුට අමතරව කයිල් මේයර් සහ නායක රොස්ටන් චේස් අර්ධ ශතක රැස් කළහ.

පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3 බැගින් බිඳ දමද්දී සුරංග ලක්මාල් කඩුඅලු 2 ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 49.3 කදී සියලු දෙනා දැවී ලකුණු 172 යි – (ඕෂද ප්‍රනාන්දු 47, දිනේෂ් චන්දිමාල් 40, පැතුම් නිස්සංක 23, ධනංජය ද සිල්වා 17, දසුන් ශානක 13, නිරෝෂන් දික්වැල්ල 13, රොස්ටන් චේස් 12/4, ඇන්ඩර්සන් පිලිප් 47/3, කෙමාර් රෝච් 41/2) සහ දෙවැනි ඉනිම පන්දුවාර 13 කදී කිසිවකු නොදැවී ලකුණු 56 යි – (ළහිරු තිරිමාන්න 23*, දිමුත් කරුණාරත්න 27*)

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සභාපතිවරයාගේ පිල පන්දුවාර 81.2 කදී සියලු දෙනා දැවී ලකුණු 294 යි – (ෂායි හෝප් 68, කයිල් මේයර්ස් 57, රොස්ටෙන් චේස් 52, ඩැරන් බ්‍රාවෝ 30, කෙවෙන් හොජ් 13, ධනංජය ද සිල්වා 26/3, ලසිත් ඇඹුල්දෙණිය 69/3, සුරංග ලක්මාල් 14/2)[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top