[vc_row][vc_column][vc_column_text]නවසීලන්ත – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය අද කොලඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ ආරම්භ වූ අතර අයහපත් කාලගුණය අද දින තරගය සුපුරුදු පරිදි පැවත්වීමට තිබූ ඉඩ කඩ අඩු කර දැම්මේය. උදෑසන වර්ෂාව පතිතයේ පතිත වූ වර්ෂාව නිසා තරගය ආරම්භ වීම ප්‍රමාද වූ අතර තරගය ආරම්භ වූයේ පැය 3ක පමණ ප්‍රමාදයකින් පසුවය.
කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත් වූ අතර ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඔහු තීරණය කලේය. පළමු තරගයට ක්‍රීඩා කල අකිල ධනංජය මෙම තරගයට ක්‍රීඩා නොකල අතර ඔහු වෙනුවට දකුණත් පිට දග පන්දු යවන්නෙක් වන දිල්රුවන් පෙරේරා ආදේශ විය. නවසීලන්ත කණ්ඩායමේ වෙනස් කම් එකක් සිදූ වූ අතර තුන් ඉරියව් ක්‍රීඩක කොලින් ඩී ග්‍රැන්ඩ්හොම් කණ්ඩායමට එක් වූයේ මිචෙල් සැන්ට්නර් වෙනුවටය.
පළමු තරගයේ දෙවනි ඉනිමේ සාර්ථක ආරම්භයක් ලබාගත් ආරම්භ පිතිකරු යුගල වූ දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න ට මෙම තරගයේ වැඩි සාර්ථක වීමට ඉඩ ලබා නොදෙමින් ට්‍රෙන්ට් බෝල්ට් සහ ටිම් සවුතී ඉතා හොදින් මුල් පන්දුවාර කිහිපය යොමු කල අතර ඒ හමුවේ ලහිරු තිරිමාන්න ලකුණු රැස්කිරීමට යම් අපහසුවක් දැක්වූවේය. එම පීඩනය හමුවේ ලකුණු දෙකක් රැස් කල සිටි තිරිමාන්න ව දරාගැනීමට විලියම් සමර්විල් සමත් වූයේ කේන් විලියම්සන් හට පහසු උඩ පන්දුවක් ලබා දෙමිනි. එවිට මුලු ලකුණු ප්‍රමාණය ලකණු 29ක් ලෙස දිස් වුනේය.
ඉන් පසු නායක දිමුත් හා එක් වුනු අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් යම් තාක් දුරට සාර්ථක ලෙස පිතිකරණයේ යෙදුනු අතර තේ පානය සදහා තරගය නවතන විට 71-1 ලෙස ලකුණු පුවරුව දිස් වුනේය.
තේ පානය පසු නැවත තරගය වර්ෂාව බාධා ඇතිවූ නමුත් පස්වරු 4.30ට පමණ තරගය නැවතත් ආරම්භ විය. තේ පානය පසු හොදින් ක්‍රීඩා කරමින් සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 32කට දැවී ගියේය කොලින් ඩී ග්‍රැන්ඩ්හොම් ගේ පන්දුවකට කඩුලු රකින්නා ලබා ගත් උඩපන්දුවකනි. අයහපත් ආලෝක තත්වය නිසා පස්වරු 5.15ට පමණ දිනය නවත්වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 85ක් ලබා සිටි අතට නායක දිමුත් කරුණාරත්න යලි වරක් සාර්ථක වෙමින් නොදැවී ලකුණු 49ක් ලබා සිටි අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු නොලබා කඩුල්ලේ රැදී සිටියේය.
හෙට තරගයේ දෙවන දිනය වන අතර වර්ෂාවෙන් බාධාවල් නොවුනහොත් තරගය 9.30ට ආරම්භ වනු ඇත.[/vc_column_text][/vc_column][/vc_row]