දෙවන තරගයත් ජයග්‍රහණය කරමින් තරගාවලියේ ජය ශ්‍රී ලංකා පිලට!

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවේ පකිස්ථාන සංචාරයේ දෙවන විස්සයි තරගයේ ලකුණු 35ක විශිෂ්ට ජයක් ලබාගත් ශ්‍රී ලංකා පිල 2-0ක් ලෙස තවත් තරග එකක්ඉතිරිව තිබියදී තරගාවලියේ ජය තහවුරු කරගත්තේයග

පකිස්ථානයේ විස්සයි විස්ස තරගාවලි ජයක් ලබාගත් එකම රට බවට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වියග

තම දෙවන ජාත්‍යන්තර තරගයෙන්ම විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල භානුක රාජපක්ෂගේ ලකුණු 77 සහ වනිදු හසරංග හා නුවන් ප්‍රදීප්ගේ දක්ෂපන්දු යැවීම ජයග්‍රහණයට මැනෙවින් ඉහවල් වියග

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කලේයග

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි ධනුශ්ක ගුණතිලක සහ අවිශ්ක ප්‍රනාන්දු ‍යන පිතිකරුවන් දෙපලටම ඉනිමේ ප්‍රථම පන්දුවාර 5 තුලදීම නැවත ක්‍රීඩාගාරය බලා පියමන් කිරීමට සිදු වියග

පසුගිය තරග දෙකේම කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා වූ ධනුෂ්ක ගුණතිලකගේ ඉනිම මෙම තරගගේ ලකුණු 15කට පමණක් සීමා වූඅතර අවිශ්ක ප්‍රනාන්දු ‍ට රැස් කරගත හැකි වූයේ ලකුණු 8ක් පමණිග ඒ පෙර තරගයේදී

මෙන්ම දුවද්දී දැවී යාමට ලක් වීමෙනිග

ලකුණු 41-2 ක් ලෙස පැවති අවස්ථාවක පිටියේ එක් වූ භානුක රාජපක්ෂ සහ ශෙහාන් ජයසූරිය වහාබ් රියාස්ල මොහමඩ් අමීර් වැනි නම්දැරූ පකිස්ථාන පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ලෙස පහර දෙමින් විශාල ලකුණු ප්‍රමාණයකට අවශ්‍ය ජවය ලබාදුන්නෝයග

පන්දු 62කදී ලකුණු 94ක සබඳතාවයක් ගොඩ නැගූ මෙම දෙපල පකිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාවේ හොඳම තෙවන කඩුල්ලේ වාර්තාවදසිය නම ඉදිරියෙන් ලියා ගැනීමට සමත් වියග

භානුක රාජපක්ෂගේ දැවැන්ත ඉනිමට අනෙක් අන්තයේ සිට මනා සහයක් ලබා දුන් ශෙහාන් ජයසූරිය දැවී යන විට පන්දු 28කදී ලකුණු 34ක්ලබා සිටියේ අගනා ජතටේ පහරවල් හතරක්ද සමගිනිග

ශෙහාන්ගේ දැවී යාමෙන් අනතුරුව ලකුණු පුවරුවට තවත් ලකුණු 7ක් එක් වෙද්දී භානුක රාජපක්ෂගේ අති විශිෂ්ට ඉනිම ශතකයක් පෙනනමානයේදී නිමාවට පත් වූ අතර එය පකිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ගේ දෙවන හොඳම ඉනිම වන අතර මෙම ඉනිමටදැවන්ත හයේ පහරවල් 6ක් අන්තර්ගත වියග

පන්දු 48කදී ලකුණු 77ක් රැස් කිරීමට භානුක රාජපක්ෂ සමත් වියග

සුපුරුදු පරිදි ඉනිමේ අවසාන භාගයේදී සිය වගකීම අකුරටම ඉටු කල දසුන් ශානක පන්දු 15කදී ලකුණු 27ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිමලකුණු 182 සීමාවට රැගෙන ආවේයග

පන්දු යැවීමේදී ශඩාබ් කාන්ල ඉමාඩ් වසීම් සහ වහාබ් රියාස් එක් කඩුල්ල බැගින් ලබාගත් අතර ඉනිම තුල දුවද්දී දැවී යාම් තුනක් වාර්තාවියග

ලකුණු 183ක ජයග්‍රාහී ඉලක්කය හඹා යෑමට පකිස්ථාන කණ්ඩායමේ පිතිකරුවන්ට ප්‍රථම තරගයේ මෙන්ම සාර්ථක වීමට කිසි අවස්ථාවක්ලබා නොදීමට ශ්‍රී ලංකා පන්දු යවන බලඇණිය වග බලා ගත්තේයග

ප්‍රවේගකාරි ආරම්භක පිතිකරු යුගල වූ ෆකාර් සමාන් සහ බාබර් ආසම් පිලිවෙලින් දෙවන සහ තෙවන පන්දුවාර වලදී නැවත ක්‍රීඩාගාරයටහරවා යැවීමට කසුන් රාජිත සහ නුවන් ප්‍රදීප් සමත් වියග

එවිට පකිස්ථාන ලකුණු පුවරුව 11-2ක් ලෙස දිස් වියග

පිටියේ එක් වූ නායක සෆ්‍රාස් අහමඩ් සහ අහමඩ් ශෙසාඩ් ලකුණු 40ක් යලි පකිස්ථාන ලකුණු පුවරුවට එක් කරමින් ආරම්භයේ බිඳ වැටුනුපකිස්ථාන ඉනිම යලි සවිමත් කලද අට වන පන්දුවාරය ක්‍රියාත්මක කල වනිදු හසරංග පකිස්ථාන ඉනිම සුණුවිසුණු කිරීමට වගබලාගත්තේයග

සෆ්‍රාස් අහමඩ්ල අහමඩ් ශෙසාඩ් සහ උමාර් අක්මාල් යන අත්දැකීම් සහිත පකිස්ථානු පිතිකරුවන් තිදෙනාම යලි ක්‍රීඩාගාරයට හරවායැවීමට එකම පන්දුවාරයකදී වනිදු හසරංග සමත් වියග උමාර් අක්මාල් තරග දෙකේදීම සිය පළමු පන්දුවෙන්ම දැවී ගියේයග

51-2 ක් ලෙස තිබූ ලකුණු පුවරුව 52-5ක් බවට පත් වියග

එතැන් සිට යලි පකිස්ථාන ඉනිම ගොඩ නැගීමට උත්සාහ කල ඉමාඩ් වසීම් සහ අසිෆ් අලි සාර්ථක ලෙස පන්දු යවනන්ට මුහුණ දෙමින් ඉතාහොඳ ලකුනු වේගයක් සමග පිතිකරණයේ යෙදුනු අතර යම් කිසි බලාපොරොත්තුවක් පකිස්ථාන කණ්ඩායමට ලබා දුන්නේයග ඔවුන්දෙදෙනා ලකුණු 75ක් හය වෙන කඩුල්ල සඳහා එක් කල අතර පන්දු 29කදී හතරේ පහර අටක් සමගින් ඉතා අගනා ලකුණු 48ක් රැස් කලඉමාඩ් වසීම්ගේ දැවී යාමත් සමග එම සබඳතාවය බිද වැටුනේයග අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වූ ඉසුරු උදාන එම කඩුල්ලලබාගත්තේ ඉමාඩ් වසීමව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගනිමිනිග

අටවන පන්දුවාරයේ ලකුණු 29ක් රැස් කරගෙන සිටි අසීෆ් අලිව නුවන් ප්‍රදීප් දවාගැනීමත් සමග පකිස්ථාන සියලු බලාපොරොත්තු බිද වැටුනුඅතර ඔවුන්ගේ අවසාන කඩුල්ලද එම පන්දුවාරයේම දවා ගැනීමට නුවන් ප්‍රදීප් සමත් වියග

පකිස්ථාන ඉනිම ලකුණු 147කට සීමා වූ අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ නුවන් ප්‍රදීප් කඩුලු 4ක් ද වනිදු හසරංග සහ ඉසුරු උදානපිලිවෙලින් කඩුලු 3ක් සහ 2ක් දවාගත්තේයග කසුන් රාජිත එක් කඩුල්ලකට හිමිකම් කියයිග

තරගයේ වීරයා ලෙස තම දෙවන තරගයෙන්ම විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල භානුක රාජපක්ෂ තෝරා පත් වියග තෙවන සහ අවසාන තරගයහෙට දින පැවත්වීමට නියමිතයග[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top