Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

දෙවන තරඟයෙන්ද ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්!

[vc_row][vc_column][vc_column_text]

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු සංචාරයේ දෙවන විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 9ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමසමත් විය.

පළමු තරඟයේ ලබා ගත් ලකුණු 131ක ජයග්‍රහණය සහ මෙම ජයග්‍රහණයත් සමඟ තරඟ 2-0ක් ලෙස තරඟාවලිය එක් තරඟයක් ඉතිරිවතිබියදීම ජයග්‍රහණය කිරීමට ආරන් ෆින්ච් ඇතුලු ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල ලසිත් මාලිංග මුලින් පන්දුවට පහර දීමට තීරණය කලේය. දැඩිආන්දෝලනයකට තුඩු දෙමින්

පකිස්ථාන සංචාරයේ සාර්ථක වූ ඕශධ ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ යන දෙපල මෙම තරඟයට ක්‍රීඩා නොකරවීමට කණ්ඩායම් පරිපාලනයතීරණය කර තිබුනි.

යළිත් වරක් ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු නොවූ ආරම්භයක් ලබා දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙල පිතිකරුවන් සියල්ලම පාහේස්ථාවරව සහ ක්‍රමවත්ව ඉනිම ගොඩනැගීමට අපොහොසත් වූ අතර මුල් පෙළ ප්‍රධාන පිතිකරුවන් 5 දෙනාම ලකුණු 75ක් තුලදී යලික්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් විය.

පළමු තරඟයේදී ලකුණු නොලබා දැවී ගිය කුසල්

මෙන්ඩිස් මෙම තරඟයේ එක් ලකුණකට දුවද්දී ගියේය. අවිශ්ක ප්‍රනාන්දුට රැස් කරගත හැකි වූයේ ලකුණු 17ක් පමණි.

ඉනිම පුරා ලකුණු 20 සීමාව පසු කල එකම පිතිකරු යුගලය වූ ධනුශ්ක ගුණතිලක සහ කුසල් පෙරේරා පිලිවෙලින් ලකුණු 21ක් සහ 27ක්රැස් කිරිමට සමත් විය.

පළමු තරඟයට ක්‍රීඩා නොකල උප නායක නිරෝශන් දික්වැල්ල අපරීක්ශාකරී පහරක් එල්ල කිරීමට ගොස් ලකුණු 5කට දැවී ගියේ සියඋපනායක වගකීම පිලිබඳ රසිකයන්ට ප්‍රශ්නාර්ථයක් තබමිනි.

පන්දුවාර විස්ස අවසානයට එක් පන්දුවාරයක් තිබියදීම ඉනිමේ සියලුම කඩුලු දවාගත් ඔස්ට්‍රේලියානු පන්දු යවනනන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු117කට සීමා කිරීමට සමත් විය.

ලකුණු 118ක පහසු ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ආරන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් අතරින් ආරන් ෆින්ච් ක්‍රීඩා කල පළමු පන්දුවෙන්මඔහු දවාගැනීමට ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග සමත් විය.  ඒ කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා හට උඩ පන්දුවක් ලබා දෙමිනි.

එමගින් යම් බලාපොරොත්තුවක් ශ්‍රී ලංකා කණ්ඩායමට තිබුණද පිටියේ එක් වුනු සුපිරි ක්‍රීඩක ස්ටීව් ස්මිත් සහ පළමු තරඟයේ ශතකයක්රැස් කල ඩේවිඩ් වෝනර් කිසිදු පීඩනයකින් තොරව ඉතා පහසුවෙන් ලකුණු රැස් කරන්නර විය.

දෙදෙනාම අර්ධ ශතක වාර්තා කරමින් නොබිඳුනු ලකුණු 115ක සබඳතාවයක් ගොඩ නැගූ අතර තරඟයේ ජයග්‍රහණය ඉතා පහසුවෙන්ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හිමි කර දීමට මෙම දෙපලගේ දායකත්වය ඉවහල් විය.

තෙවන සහ අවසාන තරඟය නොවැම්බර් පලමු දින මෙල්බර්න් හිදී පැවත්වීමට නියමිත අතර එය ශ්‍රී ලංකාවට ගෞරවය වෙනුවෙන් ක්‍රීඩාකරන තරඟයක් වනු ඇත.

ලකුණු සටහන

ශ්‍රී ලංකාව – 117( 19)

කුසල් පෙරේරා 27, ධනුශ්ක ගුණතිලක 21, අවිශ්ක ප්‍රනාන්දු 17

ඇඩම් සම්පා 2/20, ඇශ්ටන් ආගර් 2/27, පැට් කමින්ස් 2/29

ඔස්ට්‍රේලියාව : 118-1(13)

ඩේවිඩ් වෝනර් 60, ස්ට්වි ස්මිත් 53

ලසිත් මාලිංග 1/23

[/vc_column_text][vc_column_text]

Sri Lanka vs Australia 2nd T20 – Photo Album

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top