[vc_row][vc_column][vc_column_text]කෝවිඩ් – 19 වසංගතය සැලකිල්ලට ගනිමින් රජය විසින් පනවා ඇති සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව ජාතික පිරිමි ක්‍රීඩකයින් එහි දෙවන ‘නේවාසික පුහුණු කඳවුර’ ජුනි 22 වනදා ආරම්භ කරනු ඇත. ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
නුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දින 10 ක පුහුණු කඳවුරට ක්‍රීඩකයින් 24 දෙනෙකු සහභාගී වන අතර, මෙවර ක්‍රීඩකයන්ගේ තත්වය සහ කුසලතා වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කෙරේ.
පුහුණු කඳවුර සදහා ක්‍රීඩකයන් සමඟ කටයුතු කරන පුහුණු සහ සහායක කාර්ය මණ්ඩලය හය දෙනෙකුගෙන් යුත් ඒකකයකින් සමන්විත වේ.
මෙම මස මුලදී පවත්වන ලද පළමු ‘නේවාසික පුහුණු කඳවුරේ’ දී අනුගමනය කරන ලද සෞඛ්‍ය ක්‍රමවේදයන් ද මෙම සංචිතයේ සාමාජිකයින් විසින් අනුගමනය කරනු ඇත.
“මීළඟ කඳවුර සඳහා අවශ්‍ය කටයුතු කොවිඩ් – 19 න් පසු හොඳම සූදානම් කළ ජාත්‍යන්තර කණ්ඩායම බවට පත්වීම සහ ඕනෑම වේලාවක ක්‍රීඩා කිරීමට සූදානම් වීම” යනුවෙන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පැවසීය.
2 වන නේවාසික පුහුණු කඳවුර සඳහා සංචිතය
දිමුත් කරුණරත්න
දිනේෂ් චන්දිමාල්
ලහිරු තිරිමාන්න
ඇන්ජලෝ මැතිව්ස්
තිසර පෙරේරා
දනුෂ්ක ගුණතිලක
කුසල් ජානිත් පෙරේරා
දිල්රුවන් පෙරේරා
සුරංග ලක්මාල්
ධනංජය ද සිල්වා
නිරෝෂන් දික්වෙල්ලා
දසුන් ශානක
විශ්ව ප්‍රනාන්දු
කසුන් රාජිත
ලහිරු කුමාර
නුවන් ප්‍රදීප්
ඉසුරු උදාන
වනින්දු හසරංග
ලක්ෂන් සඳකන්
ලසිත් එබුල්දෙනිය
ඔෂද ප්‍රනාන්දු
අවිෂ්කා ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
භානුක රාජපක්ෂ[/vc_column_text][/vc_column][/vc_row]