දෙවන විස්සයි විස්ස තරඟයෙන් ඉන්දියාවට පහසු ජයක්!

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ දෙවන විස්සයිවිස්ස තරඟය අද දින ඉන්ඩෝහිදී පැවති අතර තරඟයෙන් කඩුලු 7ක පහසු ජයක් වාර්තා කිරීමටවිරාට් කෝලි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම සමත් විය.

දෙරට අතර ප්‍රථම විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය අයහපත් කාලගුණය නිසා අත හැර දැමූඅතර මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ විරාට් කෝලි ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාකණ්ඩායමට ආරාධනා කලේ පිතිකරුවන්ට තෝතැන්නක් බඳු ඉන්දෝර් ක්‍රීඩාංගණයේ සිය හඹායෑමේ ශක්තිය පිලිබඳව විශ්වාසය තබමිනි.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ රැස් කරගත්තේ කඩුලු9ක් දැවී ලකුණු 142ක් පමණි. ඉන්දීය පිතිකරු බලඇණිය සැලකිල්ලට ගැනීමේදී එවැනි ලකුණුප්‍රමාණයක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය.

පන්දුවට පහර දීමෙදී අවිශ්ක ප්‍රනාන්දු ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණෙමින් යම්සාර්ථකත්වයක් පෙනූ අතර ඔහු පන්දු 16ක්දී ලකුණු 22ක් රැස් කල අතර නොම්මර තුන පිතිකරුලෙස ක්‍රීඩා කල කුසල් ජනිත් පෙරේරා පන්දු 28කදී ලකුණු 34ක් රැස් කලේය.ඒ දැවන්ත හයේ පහරවක් තුනක්ද සමගිනි.

නව්දීප් සයින්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ භානුක රාජපක්ෂ සහ ධනුෂ්ක ගුණතිලක දඅද දින අසාර්ථක වූ අතර නවසීලන්තය හා සාර්ථක වූ ඕශද ප්‍රනාන්දුද ලකුණු 10කට වොශින්ටන්සුන්දර්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

ඉනිමේ අවසාන භාගයේ ධනංජය ද සිල්වා සහ වනිදු හසරංග ඉනිමට යම් ජවයක් එක් කල අතර අවසාන පන්දුවාරයේ අවසාන පන්දුතුනට ජස්පිට් බුම්‍රා හමුවේ පිට පිට හතරේ පහරවල් තුනක් එල්ල කර ඉනිම 140 සීමාවට රැගෙන ඒමට සමත් විය.

ලකුණු 143ක පහසු ඉලක්කය හඹා ගිය ඉන්දීය කණ්ඩායමෙය වචනයේ පරිසමාප්තියෙන්ම පහසු ඉලක්කයක් ලෙස පත්කල අතර ආරම්භ පිතිකරු යුගල වූ ශිකර් ධවාන් සහ කේ. එල් රාහුල් රිසි සේ ලකුණු රැස් කරන්නට විය.ලකුණු 71කදී වනිදු හසරංග ගේ පන්දුවක් හමුවේ රාහුල් දැවී යනවාත් සමඟ ශේසර් අයියර් සමග හඹා යෑම සිදු කල අතර ශිකර් ධවානදලකුණු 32ක් රැස් කරගෙන සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී ගියේය.

විරාට් කෝලි සහ අයියර් අනුකම්පා විරහිතව ලකුණු රැස් කරමින් පන්දු 21ක් සහ කඩුලු 7ක් අතැතිව තිබියදී ඉලක්කය පසු කරමින් තරඟයජයග්‍රහණය කර තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

තරඟයේ වීරයා සම්මානය පන්දුවෙන් දස්කම් දැක්වූ නව්දීප් සයිනි හිමිකරගත්තේය.

ලකුණු සටහන

ශ්‍රී ලංකාව – 142/9(20)

කුසල් පෙරේරා 34, අවිශ්ක ප්‍රනාන්දු 22,ශර්දුල් තාකූර් 3/28, කුල්දීප් යාදව් 2/ 38

ඉන්දියාව 144/3 (17.3)

රාහුල් 45, ශ්‍ර්‍යාස් අයියර් 34,වනිදු හසරංග 2/30,ලහිරු කුමාර1/30

තෙවන සහ අවසාන තරඟය මෙමස 10 දින පැවත්වීමට නියමිත වේ.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top