[vc_row][vc_column][vc_column_text]නවසීලන්තය සහ ඉන්දියාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වුණේ ක්රයිස්චර්ච්හිදී.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පළමු ඉනිමට සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 242 ක් රැස් කළා. හනුමා විහාරි ලකුණු 55 යි. ප්‍රිත්වි ෂොව් සහ චෙටෙස්වර් පුජාරා ලකුණු 54 බැගින් රැස් කළා. පන්දු යැවීමේදී කයිල් ජැමීසන් කඩුලු 5 යි. පිලිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 235 ක් රැස් කළා. ටොම් ලේතම් ලකුණු 52 ක් රැස් කළ අතර කයිල් ජෙමීසන් ලකුණු 49 යි.
පන්දු යැවීමේදී මොහොමඩ් ෂාමි කඩුලු 4 ක් සහ ජස්ප්‍රිට් බුම්රා කඩුලු 3 ක් බිද හෙලුවා. ඉන්දීය කණ්ඩායම දෙවැනි ඉනිම සදහා සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 124 ක්. චෙටෙස්වර් පුජාරා ලකුණු 24 යි. පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 4 ක් සහ ටිම් සවුති කඩුලු 3 ක් බිද හෙලුවා. තරගය ජය ගැනීම සදහා නවසීලන්ත කණ්ඩායමට ලකුණු 132 ක ඉලක්කයක් හිමිවුණා. නවසීලන්ත කණ්ඩායම කඩුලු 3 ක් පමණක් දැවි තිබියදී ජයග්‍රාහී සීමාව පසු කළා. ටොම් බ්ලන්ඩෙල් ලකුණු 55 ක් රැස් කල අතර ටොම් ලේතම් ලකුණු 52 යි. තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 7 ක ජයක් වාර්තා කළා.
තරගයේ වීරයා නවසීලන්ත කණ්ඩායමේ කයින් ජෙමීසන්. නවසීලන්ත කණ්ඩායමේ ටිම් සවුති තරගාවලියේ වීරයායි. තරග 2 කින් සමන්විත වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 2-0 ලෙස නවසීලන්තය ඉන්දියාව පරදා ජය වාර්තා කරා.[/vc_column_text][/vc_column][/vc_row]