ධනංජය එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉහළට

[vc_row][vc_column][vc_column_text]නවතම ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ලේඛණය අද දිනයේ දී නිවේදනය කොට ඇත. ඒ අනුව ආසියානු කුසලාන තරගාවලිය දැක්වූ දක්ෂතා මත ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ද ශ්‍රේණිගත කිරීම්හි රැඳී සිටි ස්ථාන වල වෙනසක් සිදු වී ඇත. ශ්‍රේණිගත කිරීම්හි pathum nissanka ස්ථාන තුනකින් පහලට බසිමින් පිතිකරුවන් අතර විසිපස් වැන්නා ලෙස රැඳෙන අතර චරිත් අසලංක එක් ස්ථානයකින් ඉහලට පැමිණෙමින් 30 වැනි ස්ථානය හිමිකොට ගෙන ඇත. කුසල් මෙන්ඩිස් ශ්‍රේණිගත කිරීම්හි 52 වැන්නා ලෙස රැඳෙන අතර dhananjaya de silva ස්ථාන 8 කින් ඉහලට පැමිණෙමින් අසූ එක් වන ස්ථානයේ රැඳී සිටියි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් දෙස අවධානය යොමු කරන විට මහීෂ් තීක්ෂණ 15 වන ස්ථානයේ රැඳෙන අතර ධනංජය ස්ථාන 7 කින් ඉදිරියට පැමිණෙමින් 75 වැනි තැනට පත්ව ඇත. එක්දින තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන පහකින් ද ඉදිරියට පැමිණෙන්නට ධනංජයට හැකි වී ඇති අතර ඔහු මේ වන විට දහතුන් වන ස්ථානය හිමි කොටගෙන ඇත. ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග එක් දින තුන්ඉරියව් ක්‍රීඩකයින් අතර දස වැන්නා ලෙසින් රැදී සිටියි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top