ධනුෂ්කගේ ඉදිරි ක්‍රීඩා දිවිය ගැන තීරණයක් ගන්න ක්‍රීඩා ඇමතිවරයා සූදානමින්.

[vc_row][vc_column][vc_column_text]

ඊයේ දිනයේදී එල්ල වූ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරනු ලැබූ ධනුෂ්ක ගුණතිලකගේ ඉදිරි ක්‍රීඩා දිවිය පිළිබඳව තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කොට ඇත. ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලාංකිකයෙකු බවත් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවත් ඊයේ දිනයේදී ඔහු නිවැරැදිකරු බව ඊයේ දිනයේ අසන්නට ලැබුණු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සදහන් කොට ඇත.

ධනුෂ්ක ගුණතිලක මින් පෙර එංගලන්ත තරග සංචාරය අතරතුර ජෛව බුබුල නීති උල්ලංඝනය කිරීමට වරදකරුවකු වූ අතර එහිදී තරග තහනමක්ද පැනවීය. අනතුරුව ඔහු අවසන් වූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී මෙම සිදුවීමට සම්බන්ධ වී ඇත. ජාතික ක්‍රීඩා සභාව සමගින් සාකච්ඡා කර ධනුෂ්ක පිළිබඳ කුමන ආකාරයේ ක්‍රියාමාර්ගයක් ගත යුතුද යන්න පිළිබඳව සිතා බැලිය යුතු බව ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කොට ඇත. මේ අතර ඔහුට පනවා තිබූ තරග තහනම ඉවත් කිරීම කෙරෙහි ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවදානය යොමු වී ඇතැයි ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග වාර්තා කොට ඇත.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top