නවසීලන්තය යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට

[vc_row][vc_column][vc_column_text]වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙනවා. සුපර් ලීග් අංශයේ දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වුණේ නවසීලන්තය සහ බටහර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර.

පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම පන්දු වාර 47 යි පන්දු 5 ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 238 ක් රැස් කළා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් කර්ක් මැකන්සි ලකුණු 99 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 11 ක් සහ 6 පහර 3 ක් ඇතුලත්. කෙව්ලන් ඇන්ඩර්සන් ලකුණු 33 යි.

 

පන්දු යැවීමේදී ක්‍රිස්ටියන් ක්ලාක් ලකුණු 25 කට කඩුලු 4 ක් බිද හෙලුවා.පිලිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 49 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 239 ක් රැස් කරමින්. ක්‍රිස්ටියක් ක්ලාක් ලකුණු 46 යි. ජෝයි ෆීල්ඩ් ලකුණු 38 ක් රැස් කළා. පන්දු යැවීමේදී ඇෂ්මීඩ් නෙඩ් කඩුලු 3 ක් බිද හෙලුවා.

තරගයෙන් නවසීලන්ත කණ්ඩායම ජය ගත්තේ කඩුලු 2 කින්. තරගයේදී පිත්තෙන් සහ පන්දුවෙන් දක්ෂතා දැක්වූ ක්‍රිස්ටියන් ක්ලාක් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top