නවසීලන්තය සමග පැවැති පළමු එක්දින තරගයේ ජය ඔස්ට්‍රේලියාවට

[vc_row][vc_column][vc_column_text]පළමු එක්දින තරගය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහිදී. කිසිදු ප්‍රේක්ෂකයින්ගෙන් තොරව මෙම තරගය පැවැත්වීම විශේෂත්වයක්.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඔස්ට්‍රේලියාව පන්දු වාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 258 ක්. ඩේවිඩ් වෝනර් ලකුණු 67 ක් රැස් කළ අතර නායක ඒරන් ෆින්ච් රැස් කළ ලකුණු සංඛ්‍යාව 60 ක්. මානස් ලබුස්චාන්ජ් ලකුණු 50 ක් රැස් කළා. ඉෂ් සෝධි කඩුලු 3 ක් බිද හෙලුවා. ලොකී ෆර්ගියුසන් සහ මිචෙල් සැන්ට්නර් අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිලිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 41 ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 187 ක්. වැඩිම ලකුණු රැස් කළ මාටින් ගප්ටිල් ලකුණු 40 යි. ටොම් ලේතම් ලකුණු 38 ක් රැස් කළ අතර කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් ලකුණු 25 යි. පැට් කමින්ස් සහ මිචෙල් මාෂ් කඩුලු 3 බැගින් බිද හෙලුවා. ජොෂ් හෙස්ල්වුඩ් සහ ඇඩම් සම්පා අතර කඩුලු 2 බැගින් බෙදී ගියා. තරගයෙන් ඔස්ට්‍රේලියාව ජය ගත්තේ ලකුණු 71 කින්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top