[vc_row][vc_column][vc_column_text]වසර 30 කට පසුව ඉන්දියාවට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් හිමි කර ගැනීමට නවසීලන්තය සමත් වුණා. ඒ දෙරට අතර පැවැති 3 වැනි එක්දින තරගයද කඩුලු 5කින් ජය ගනිමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දු වාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 296 ක් රැස් කළා. කේ එල් රාහුල් ලකුණු 112 ක් ලබා ගත් අතර ශ්‍රෙයාස් ඉයර් ලකුණු 62 යි. හමීෂ් බෙනට් කඩුලු 4 ක් දවා ගත්තා. පිලිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 47 යි පන්දු 1 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 300 ක් රැස් කරමින්. හෙන්රි නිකල්ස් ලකුණු 80 ක් රැස් කළ අතර මාටින් ගප්ටිල් ලකුණු 66 යි. කොලින් ඩි ග්‍රැන්ඩ්හෝම් ලකුණු 58 ක් රැස් කළා. තරගයෙන් නවසීලන්ත කණ්ඩායම ජය ගත්තේ කඩුලු 5 කින්.
ඒ අනුව නවසීලන්ත කණ්ඩායම තරගාවලිය ජය ගත්තේ තරග 3 ට 0 ක් ලෙසයි. තරගයේ වීරයා නවසීලන්ත කණ්ඩායමේ හෙන්රි නිකල්ස්. නවසීලන්ත කණ්ඩායමේ රොස් ටේලර් තරගාවලියේ වීරයායි.[/vc_column_text][/vc_column][/vc_row]