නවසීලන්ත – එංගලන්ත ටෙස්ට් තරඟාවලිය 1-0ක් ලෙස නවසීලන්තය ජය ගනී!

[vc_row][vc_column][vc_column_text]තරඟ දෙකකින් යුත් නවසීලන්ත- එංගලන්ත ටෙස්ට් තරඟාවලියේ දෙවන ටෙස්ට් තරඟය අද දින ජය පරාජයකින් තොරව නිමාවට පත් වූඅතර පළමු තරඟයේ සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඉනිමක විශිෂ්ට ජයක් වාර්තා කල කේන් විලියම්සන් ප්‍රමුඛ නවසීලන්ත පිලතරඟාවලිය 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට වාර්තා විය.

තරඟ පහකින් යුත් ඉතා උද්වේගකර විස්සයි විස්ස තරඟාවලිය තරඟ 3-2ක් ලෙස එංගලන්තය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ආරම්භ වූමෙම ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය මවුන්ට් මැවුන්ග්නා හිදී පැවත්විය.

ප්‍රථම තරඟයෙන් ඉනිමක සහ ලකුණු 65ක දැවැන්ත ජයක් නවසීලන්තය හිමි කරගත්තේ නවසීලන්ත කඩුලු රකන ක්‍රීඩක බී. ජේ. වොට්ලින්ගේ අති විශිෂ්ට ද්විත්ව ශතකයට සාධාරණයක් සිදු වෙමිනි.

එංගලන්තයේ ලකුණු 353ක් ප්‍රථම ඉනිමට රැස් කල අතර බෙන් ස්ටෝක්ස් ලකුණු 91ක් ද ජෝ ඩෙන්ලි ලකුණු 74ක් ද රැස් කර සියදායකත්වය ලබා දුන්නේය.

ගෞරවාන්විත එංගලන්ත පළමු ඉනිමට දැඩි අභියෝහයක් එල්ල කරමින් නවසීලන්තය පිල දැවන්ත ලකුණු 605ක් රැස් කලේ බී. ජේ. වොට්ලින් ගේ මංගල ද්විත්ව ශතකයෙන් නවසීලන්ත ඉනිම වර්ණවත් කරමිනි.

ලකුණු 197ක් පසුපසින් එංගලන්ත දෙවන ඉනිම ආරම්භ කල අතර ඉනිමක පරාජයකින් බේරීමට එංගලන්ත පිතිකරුවන් නවසීලන්ත පන්දුයවන්නන් අතරේ අපොහොසත් වූ විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නීල් වෙග්නර් කඩුලු 5ක් දඩයම් කිරීමට සමත් විය.

පළමු තරඟය එසේ අවසාන වෙද්දී එංගලන්ත ජයග්‍රහණය කල යුතුම දෙවන තරඟය හැමිලිටන් හිදී ආරම්භ වූ අතර තරඟයට විටින් විටඅයහපත් කාලගුණයෙන් බාධා එල්ල විය.

දෙවන තරඟයේ පළමු ඉනිමට නවසීලන්ත කණ්ඩායම ලකුණු 375ක් රැස් කල අතර ටොම් ලැතම් ශතකයක් රැස් කල අතර රෝස් ටේලර්, බී.ජේ වොට්ලින් හා ඩේරිල් මිචෙල් අර්ධ ශතක රැස් කර ඉනිම වර්ණවත් කලේය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල එංගලන්ත පිල ජයග්‍රහණය කල යුතුම තරඟයේ ක්‍රියාත්මක වෙමින් ලකුණු 476ක් රැස් කලේය.

ආරම්භක පිතිකරු. රෝ බර්න්ස් ශතකයක් රැස් කරද්දී නායක ජෝ රූට් සිය තෙවන ද්විත්ව ‍රැස් කලේ නායකත්ව වගකීම අකුරටම ඉටුකරමිනි.

දැඩි වර්ශාව හමුවේ තරඟයට බාධා එල්ල වෙද්දී පස්වන දිනයේ තරඟය නවත්වද්දී සිය අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් රෝස් ටේලර් සහකේන් විලියම්සන් ශතක රැස් කරමින් සිය දායකත්වය ලබා දුන්නේය. [/vc_column_text][/vc_column][/vc_row]

Back To Top