නවසීලන්ත තරගාවලිය තරුණ ක්‍රීඩකයන්ට හොද අවස්ථාවක් – චන්දික හතුරුසිංහ

නවසීලන්තය සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය තරුණ ක්‍රීඩකයන්ට හොද අවස්ථාවක් බව බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සදහන් කොට ඇත. බංග්ලාදේශය හා නවසීලන්තය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය එළඹෙන නොවැම්බර් මස 28 වනදා ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය වෙනුවෙන් ශකිබ් අල් හසන්, ලිටන් ඩාස් හා ටස්කින් අහමඩ් වැනි අත්දැකීම් සහිත බංග්ලාදේශ ක්‍රීඩකයන් එක් නොවේ.

” ඕනෑම කණ්ඩායමකින්, විශේෂයෙන් බංග්ලාදේශයට එතරම් අත්දැකීම් සහිත ක්‍රීඩකයන් අහිමි වීම අභියෝගාත්මක ය. ශකිබ්, ටමින් වගේ අය අවුරුදු 15කට වැඩි කාලයක් බංගලාදේශ කණ්ඩායමේ හැම ආකෘතියකම ඉන්නවා. ඔවුන්ගෙන් සමහරක් වසර දහයක් පමණ ඉන්නවා.”

කෙසේ වෙතත් තරුණයින්ට කළ හැකි දේ දැක ගන්න සූදානමින් ඉන්නේ. මම හිතන්නේ අපි කාලයක් තිස්සේ ක්‍රීඩා කරපු සමහර ක්‍රීඩකයන්ගෙන් ඉදිරියට යන්න ඕන කාලයක්. ඔවුන් සදහටම කණ්ඩායම තුළ සිටින්නේ නැහැ. සමහර තරුණ ක්‍රීඩකයන්ට ඔවුන්ගේ නම හදාගෙන දිගු ක්‍රීඩා දිවියක් ගොඩ නගා ගැනීමට මේක අවස්ථාවක් වෙයි.” යනුවෙන් හතුරුසිංහ පැවසීය.

හසන් මුරාඩ්, හසන් මහමුද් සහ ෂහාදත් හොසේන් බංග්ලාදේශ කණ්ඩායමේ ටෙස්ට් වරම් නොමැති ක්‍රීඩකයින් තිදෙනායි.

තයිජුල් ඉස්ලාම් සහ මෙහෙදි හසන් මිරාස්ට අත්දැකීම් තිබෙනවා. තායිජුල් ටෙස්ට් කඩුලු 177ක් දවාගෙන තියෙනවා. නිසැකවම, ඔහු පන්දු බලඇණියේ නියමුවා වෙයි. මගේ මතකය නිවැරදිව නම් මිරාස් 2016 සිට ක්‍රීඩා කරනවා. එතකොට තරුණ ක්‍රීඩකයන් වන මුරාඩ් සහ නයීම් හසන් ඉන්නවා. මම හිතන්නේ මේ තත්ත්වය සහ මේ උණුසුම මත ක්‍රීඩා කළොත් ඒ අය, ප්‍රධාන වශයෙන් දඟපන්දු යවන්නන් විශාල කාර්යභාරයක් ඉටු කරයි.”

Back To Top