නව තරග රටාවක් සමගින් KFC බිග් බෑශ් ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වේ.

[vc_row][vc_column][vc_column_text]

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට පමණක් දෙවැනි වන KFC බිග් බෑශ් ක්‍රිකට් තරගාවලිය 9 වන වරටත් හෙට ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදී ශ්‍රී ලංකාවේ වේලාවින්  පස්වරු 1.40ට පමණ ආරම්භ වීමට නියමිත වේ.

ප්‍රථම තරගය ලෙස බ්‍රිස්බේන් හීට් කණ්ඩායම හා සිඩ්නි තන්ඩර් කණ්ඩායම එකිනෙක හා තරඟ තරග වැදිනු ඇත.

2011 වසරේදී ඇරඹි මෙම තරගාවලියේ සාර්ථකම කණ්ඩායම වන්නේ තුන්වරක් ශූරතාව දිනාගත් පර්ත් ස්කොචස් කණ්ඩායම වේ. ගියවර ශූරතාව දිනා ගැනීමට ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙල්බන් රෙනගේඩ්ස්  කණ්ඩායම සමත්විය.

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 6ක නගර 8ක් කේන්ද්‍ර  කොට ගත් කණ්ඩායම් අටක් මෙවරද තරගාවලියට එක්වන අතර තරගාවලියට අයත් මුළු තරඟ සංඛ්‍යාව 61කි. මූලික වටයේ තරග 56 කින් හා Eliminator , The Qualifier , The Knockout , The Challenger හා The Final ලෙස  Play Off වටය මෙවර ක්‍රියාත්මක වේ.
මේ අනුව මෙවර තරගාවලියේ ප්‍රථම වතාවට පස්වන ස්ථාන දිනා ගන්නා කණ්ඩායම ද Play off  වටය සදහා සුදුසුකම් ලබාගන්නා අතර 5 වන ස්ථානය හා 4 වන ස්ථානය දිනා ගන්නා කණ්ඩායම් Eliminator  තරගය ක්‍රීඩා කරන අතර පළමු හා දෙවන ස්ථානය දිනා ගන්නා කණ්ඩායම් දෙක  The Qualifier තරඟයේ ක්‍රීඩා කරයි. එම තරගය ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි. The Knockout තරඟයේදී  Eliminator තරගය ජයගත් කණ්ඩායම හා තරඟාවලියේ තෙවන ස්ථානයේ රැඳී සිටි කණ්ඩායම එකිනෙකා හා තරඟ වදී.The Challenger තරඟයේ දී The Knockout තරඟයේ ජයගත් කණ්ඩායම හා The Qualifier තඟය පරාජයට පත්වූ කණ්ඩායම තරග වදින අතර එම තරඟය ජය ගන්නා කණ්ඩායම හා The Qualifier තරගය ජයගත් කණ්ඩායම අවසන් මහා තරඟයට ක්‍රීඩා කරයි.
එසේම ලකුණු සමවූ තරග වලදී තීරණයක් ලැබෙනතුරු  සුපිරි පන්දුවාර ක්‍රියාත්මක වීමද මෙවර තරගාවලියේ දී දැක ගැනීමට හැකියාව පවතී.
තරඟාවලිය  සෝනි සික්ස් නාළිකාව හරහා සජීවිව නැරඹීමට හැකියාවක් පවතී.
චානක මධුසාගර

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top