නව දකුණු ආසියානු වාර්තාවක් සමගින් සහය දිවීමේ ඉසව්වේ ආධිපත්‍ය ශ්‍රී ලංකාවට. නිලානි දෙවන රන් පදක්කමත් ලබා ගනී

[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වේගවත්ම පිරිමි කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකා මීටර් 100 × 4 සහය දිවීමේ කණ්ඩායම අද සමත් විය. ඔවුන් නව දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවමින් තත්පර 39.14 කින් මෙම ඉසව්ව නිම කිරීමට සමත්විය.
ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමට හිමාෂ ඒෂාන් , චමෝද් මිහංස , විනෝජ් සුරන්ජය හා යුපුන් ප්‍රියදර්ශන ඇතුලත්වූ අතර හිමාශ ඒෂාන් ලබාගත් ආරම්භය යුපුන් ප්‍රියදර්ශන විසින් රන් පදක්කමකින් අවසන් කරනතුරු ඒකාකාරීව රඳවාගැනීමට ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකා පිරිමි සහාය සහය දිවීමේ කණ්ඩායම සේම ශ්‍රී ලංකා මීටර් 100 × 4 කාන්තා කණ්ඩායමද රන් පදක්කමකින් ලක්මව බබළවන්නට සමත් විය. ලක්ශිකා සුගන්ධි , සාරංගි සිල්වා , සදීපා හෙන්ඩර්සන් හා අමාශා ද සිල්වා ඇතුළත්වූ ශ්‍රී ලංකා කාන්තා සහය දිවීමේ කණ්ඩායම සිය ඉසව්ව තත්පර 44.89 කින් අවසන් කොට රන් පදක්කම දිනා ගැනීමට සමත්විය.

එසේම අද උදෑසන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතයේ සිටින පෙරළිකාරම ක්‍රීඩිකාවක් වන නිලානි රත්නායක සිය යුතුකම් නැවතත් ඉෂඨ කරමින් ඇය විසින් ශ්‍රී ලංකාවට දෙවන රන් පදක්කම ලබා දීමට කටයුතු කළාය. ආදේශක ක්‍රීඩිකාවක් ලෙස තරගාවලියට සහභාගි වෙමින් ඇය අද දින මීටර් 5000 කාන්තා ඉසව්ව විනාඩි 16.55.18 කින් සිය ඉසව්ව නිම කරමින් අනිකුත් තරගකාරියන්ට වඩා විශාල පරතරයක් තබමින් ජයග්‍රහණය කොට රන් පදක්කම දිනා ගැනීමට සමත් වීම කැපී පෙණුණි.

චානක මධුසාගර[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top