Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

නව නායකයෙක් සමගින් නවසීලන්තය, බංග්ලාදේශ සංචාරයට

[vc_row][vc_column][vc_column_text]වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගසන් මේ මස අගදී බංග්ලාදේශයේ පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ජාත්‍යන්තර තරගාවලියේදී නවසීලන්ත කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ඇතැයි එරට ක්‍රිකට් ආයතනය සෙනසුරාදා ප්‍රකාශ කොට ඇත.

නිත්‍ය නායක කේන් විලියම්සන් දණහිසේ ආබාධයකින් සුවය ලබමින් සිටින අතර ෆර්ගසන් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ප්‍රථම වතාවට නායකයාගේ භූමිකාව ඉටුකිරීමට සූදානම් වෙයි. නවසීලන්ත උප නායක ටොම් ලේතම් ද මෙම තරගාවලිය සඳහා විවේක ගන්වා ඇත.

ඔක්තෝබර් 5 වැනිදා ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කරවීමේ අරමුණින් නවසීලන්තය ඩෙවෝන් කොන්වේ, මැට් හෙන්රි, ඩැරිල් මිචෙල්, ග්ලෙන් ෆිලිප්ස්, මිචෙල් සැන්ට්නර් සහ ටිම් සවුති මෙම තරගාවලියෙන් ඉවත් කර ඇත. තරගාවලිය සැප්තැම්බර් මස 21 වනදා සිට 26 වනදා තෙක් මීර්පූර්හිදී පැවැත්වෙයි.

නවසීලන්ත එක්දින සංචිතය:
Lockie Ferguson (C), Finn Allen, Tom Blundell, Trent Boult, Chad Bowes, Dane Cleaver, Dean Foxcroft, Kyle Jamieson, Cole McConchie, Adam Milne, Henry Nicholls, Rachin Ravindra, Ish Sodhi, Blair Tickner, Will Young.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top