නව වසරේත් අවසන් නොවූ අමිහිරි පරාජිත රැල්ල!

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය- ශ්‍රී ලංකා තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලිය 2-ක් ලෙස පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත් වූයේ ඊයේ පැවතිතෙවන සහ අවසාන තරඟය ලකුණු ලකුණු 78කින් ජයග්‍රහණය කිරීමත් සමඟය.තරඟාවලියේ ප්‍රථම තරඟය වර්ශාව නිසා අතහැර දමද්දී දෙවන තරඟය කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කල ශ්‍රී ලංකා පිල ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කලද බලාපොරොත්තු වූ පරිදි ඉන්දීය කණ්ඩායම අඩුලකුණු ප්‍රමාණයකට තබා ගැනීමට අසමත් වූ අතර නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6කට ලකුණු 201ක් රැස් කිරීමට සමත් විය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබා ගත් ශිකර් ධවාන් සහ කේ. රාහුල් ප්‍රථම කඩුල්ලට ලකුණු 97ක් එක් කල අතරදෙදෙනා පිලිවෙලින් ලකුණු 54ක් සහ 52ක් රැස් කලේ ලකුණු 200ක ලකුණු පුවරුවකට අවශ්‍ය අඩිතාලම දමමිනි.

ඔවුන් දෙදෙනාගේම කඩුලු දවා ගැනීමට ලක්ශාන් සඳකැන් සමත් විය. අවසාන භාගයේ වේගවත් ඉනිම් දියත් කරමින් ඉනිම සවිමත් කලවිරාට් කෝලි ලකුණු 26ක්ද ශාර්දුල් තකූර් ලකුණු 22ක්ද මනීශ් පාන්ඩේ ලකුණු 31ක්ද රැස් කලේය.

පන්දු යැවීමේදි දක්ශතා අතරට පැමිණි ලක්ශාන් සඳකැන් කඩුලු 3ක් ලකුණු 35කට දවා ගැනීමට සමත් විය. වනිදු හසරංග ලකුණු 27කටඑක් කඩුල්ලක් දවාගත්තේය.

තරඟ දෙකේම නායකයෙක් මෙන්ම පන්දු යවන්නෙක් ලෙසද අසාර්ථක වූ ලසිත් මාලිංගට මෙම තරඟයේද කඩුලු අහිමි වූ අතර ලකුණු40ක් ඔහු කෙරෙන් ගිලිහී ගියේය.

ලකුණු 202ක දැවැන්ත ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සුපුරුදු ලෙස පිතිකරණ ලැයිස්තුවේ අසාර්ථකත්වය නිසා රැස් කරගතහැකි වූයේ ලකුණු 123ක් පමණි.

ධනංජය ද සිල්වා සහ ඇන්ජලෝ මැතිව්ස් හැරෙන්නට වෙනත් කිසිදු ක්‍රීඩකයෙක්ට ලකුණු අතරට පැමිණීමට නොහැකි වූ අතර සටන්කාමීඉනිමක් ක්‍රීඩා කල ධනංජය ද සිල්වා පන්දු36 කදී ලකුණු 57ක් රැස් කලේ පිටිය සිසාරා පහරවල් එල්ල කරමිනි.

මුල් පෙල පිතිකරුවන් වූ ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් පෙරේරා දැඩි පසුබෑමකට ලක් වූ අතර තිදෙනාටම ලකුණු 10 සීමව පවා පසු කිරිමට අපොහොසත් විය.

ලකුණු 26කට කඩුලු 4ක් දැවී ගොස් ඇති අවස්ථාවේ ධනංජය සිල්වා හා එක්වූ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 38කදී ලකුණු 68ක් රැස් කරමින්අගනා සබඳතාවයක් ගොඩ නැගුවද එය ඉලක්කය කරා ළගා වීමට පවා ප්‍රමාණවත් නොවීය.

මාස 18කට පසු කණ්ඩායමට එක් වූ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 20කදී ලකුණු 31ක් රැස් කලේ දැවැන්ත හයේ පහරවල් තුනක් සමගිනි.

පන්දු යැවීමේදී නදීප් සයිනි කඩුලු 3ක්ද වොශින්ටන් සුන්දර් කඩුලු දෙකක්ද සාර්දුල් තාකූර් කඩුලු දෙකක්ද ජස්පිට් බුම්‍රා එක් කඩුල්ලක්දදවාගනිකින් ශ්‍රී ලංකා ඉනිම අඩපණ කලේය.

තරඟයේ වීරයා සම්මානට තුන් ඉරියව් දක්ශතා පෙන්වූ සාර්දුල් තකූර්ද තරඟාවලියේ වීරයා සම්මානය පන්දුවෙන් දස්කම් දැක්වූ නවදීප්සයිනිද දිනාගත්තේය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top