[vc_row][vc_column][vc_column_text]සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ඉන්දියාව අතර ලෝක චෙස් ශූරතාවලිය පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසන් වන විට සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන ඉන්දියාව කඩුලු 6ක් දැවී ලකුණු 493 ලබා තරගයේ පාලනය සියතට ගෙන සිටී.මේ අනුව ඉන්දියාව මේ වන විට කඩුලු 4ක් අතැතිව බංගලාදේශ ප්‍රථම ඉනිමට වඩා ළකුණු 343ක් ඉදිරියෙන් සිටී.
තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 150 ක් පමණි.. බංගලාදේශ ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වෙමින් මුෂ්පිකර් රහිම් ළකුණු 43ක් ලබා ගනීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි ලකුණු නොලබා හා රෝහිත් ශර්මා ළකුණු 6 කට දවා ගනිමින් බංග්ලාදේශය යම් වෙනසක් සිදු කිරීමට උත්සාහ කළ ද සිය 8 වන ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරන ඉන්දීය ආරම්භක පිතිකරු මයනන්ක් අගර්වාල් තම දෙවන ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කරමින් බංගලාදේශ සියලු බලාපොරොත්තු බිඳ දැමීමට සමත්විය..
අගර්වාල් ශතකය රැස් කළ පසු ක්‍රීඩාගාරයේ සිටි විරාට් කෝලි සංඥාවක් ලබා දෙමින් ද්විත්ව ශතකය ද ලබා ගන්නා මෙන් පැවසූ අතර එයට පිළිතුරු සංඥාවක් ලබා දෙමින් අගර්වාල් ඔහුගේ අභියෝගය භාරගන්නා ලදි. අනතුරුව අගර්වාල් ද්විත්ව ශතකය රැස් කළ පසුවද කෝලි ත්‍රිත්ව ශතකයක් ලබා ගන්නා මෙන් ක්‍රීඩාගාරය සිට සංඥාවක් ලබා දුන් අතර එම අභියෝගය වෙත සාර්ථකව ගමන් කරමින් සිටියදී අගර්වාල් ලකුණු 243 කට අගර්වාල් දවා ගැනීමට මෙහෙදි හසන් සමත්විය.. අගර්වාල් හට අනගි සහයක් ලබා දෙමින් රහනේ ළකුණු 86ක් පුජාරා ළකුණු 54ක් හා රවීන්ද්‍ර ජඩේජා වේගවත් ළකුණු 60ක් ලබා ගැනීමට සමත්විය.
අගර්වාල්ගේ ඉනිමේ සුවිශේෂී කඩයිම්
1.ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් ඉනිමකදී වාර්තා කළ වැඩිම හයේ පාරවල් සංඛ්‍යාවේ සම හිමිකරු.. ( සිදූ හා අගර්වාල් 8 බැගින්)
2. බංගලාදේශයට එරෙහිව ඉන්දීය ක්‍රීඩකයෙකු වාර්තා කළ දෙවන වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව.
3.වසරක් තුළ දී ඉන්දීය ආරම්භක පිතිකරුවෙකු ද්විත්ව ශතක දෙකක් වාර්තා කළ දෙවන අවස්ථාව. ( 2008 ශෙවාග් , 2019 අගර්වාල්)
4.හයේ පහරකින් තම ද්විත්ව ශතකය කරා ලගාවූ දෙවන ඉන්දීය ක්‍රීඩකයා බවට පත්වීම.
5.ද්විත්ව ශතක දෙකක් ලබා ගැනීම වෙනුවෙන් දෙවන අඩුම ඉනීම් ගණනක් වැයකළ ක්‍රීඩකයා බවට පත්වීම. ( විනෝද් කම්බ්ලි 5 , අගර්වාල් 12 , සර් බ්‍රැඩ්මන් 13)
බංග්ලාදේශය 150 – 10 රහීම් 43 ශම්මි 3 -27 , ඉශාන්ට් 2 – 20
ඉන්දියාව 493 – 6 අගර්වාල් 243, රහනේ 86 , ජඩේජා 60 අබු ජාවේඩ් 4 – 108
– චානා-[/vc_column_text][/vc_column][/vc_row]