නායකයා මට පන්දුව දුන්නොත් මම පැහැදිලිවම පන්දු යවනවා – ඇන්ජිලෝ මැතිව්ස්

එක්දින ලෝක කුසලාන තරගාවලියේ තවත් තීරණාත්මක තර්ගයක් හෙට දිනයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන මෙම තරගයට පෙර පැවති මාධ්‍ය හමුව වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස් සහභාගි විය. එහිදී ඔහු දැක්වූ අදහස් මේ.

මම අවසාන අවුරුදු තුනේ වැඩිය සීමිත පන්දුවාර තරග ක්‍රීඩා කරලා නෑ. නමුත් මම බලාපොරොත්තු වෙනවා මගේ අත්දැකීම් උපයෝගී කරගන්න. මේ වෙද්දි මුල්පෙළ ස්ථාවර වෙලා තියෙන්නෙ. නමුත් කණ්ඩායමට, නායකයාට, පුහුණුකරුට මාව බැට් කරවන්න ඕනි නම් මම බැට් කරනවා. මුල් පෙළ ක්‍රීඩා කරලා 100ක් හෝ 50ක් ගහන එක වගේ පුද්ගලික කඩයිම් ගැන මම වද වෙන්නෙ නෑ. ජයග්‍රහණය වෙනුවෙන් කණ්ඩායමට අවශ්‍ය ඕනෑම තැනක පන්දුවට පහර දීමට මම කැමතියි. ජයග්‍රහණය වෙනුවෙන් පොඩියට හරි දායකත්වයක් දක්වන්න උත්සාහ කරනවා.


ලෝක කුසලාන සංචිතයෙන් මුලින් ඉවත් කළාට පස්සේ ඔබට මේ මොහොත ලැබෙයි කියලා හිතුවද?

නැහැ ඒ දේවල් මට පාලනය කරන්න බෑ, ඉතින්, මට පාලනය කරන්න පුළුවන් දේ තමයි ශාරීරික යෝග්‍යතාව, පන්දු යැවීම, පිතිකරණය අවස්ථාව එන විට මම ඊට සූදානම් විය යුතුයි. මම පසුගිය මාසයක පමණ කාලය තුළ එය කළා, මම අනෙක් ක්‍රීඩකයන් එක්ක High Performance Center එකේ අතිශයින් වෙහෙස මහන්සි වී පුහුණුවීම් කළා. ඉතින්, මම මට අවස්ථාවක් ලබා දුන්නා කණ්ඩායමට එන්න අවස්ථාවක් ලැබුණොත් ඊට සූදානම් වෙන්න. හැබැයි මම කිව්ව විදියට මම බලාපොරොත්තු වුණේ නැහැ, මොකද 15 දෙනා තෝරගත්තට පස්සේ මම බලාපොරොත්තු වුණේ නැහැ


ඇන්ජි, ඔබ කණ්ඩායමේ වඩාත්ම පළපුරුදු ක්‍රීඩකයා, ඒ ගැන සැකයක් නැත. ඔබේ අදහස කුමක්ද, මොකද ලෝක කුසලානයේදී මම විශාල අඅනපේක්ෂිත රාශියක් දැක්කා. ඇෆ්ගනිස්ථානය ඔවුන් ඇත්තටම හොඳින් ක්‍රීඩා කළා. ඔබේ අත්දැකීම් අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔබ කළ යුත්තේ කුමන ආකාරයේ දෙයක්
?


ඔව්, අපි දැක්කා ඇෆ්ගනිස්ථානය, නෙදර්ලන්තය දිනනවා. ඒ වගේම මම එය අනපේක්ෂිත ජයග්‍රහණ ලෙස හැඳින්වීමට කැමති නැහැ, මොකද ඔවුන් ලෝක කුසලානයට පිවිසීමට ඉතා හොඳින් ක්‍රීඩා කළා. විශේෂයෙන්ම නෙදර්ලන්තය සුදුසුකම් ලැබීමේ තරගවලදීත් ඔවුන් ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා.එබැවින්, ඕනෑම කණ්ඩායමකට ඔවුන්ගේ දිනයේදී ඕනෑම කණ්ඩායමක් පරාජය කළ හැකිය. අපගේ මූලික ඉලක්කය වන එම අවසන් පූර්ව වටයට පිවිසීමට අපට අවස්ථාවක් ලබා දීම සඳහා ඉදිරි තරඟ පහෙන් අපගේ තරඟ බොහොමයක් ජයග්‍රහණය කළ යුතුය. ඒ වගේම අපේ බලාපොරොත්තු තවම තියෙනවා. මම කියන්නේ පැහැදිලිවම අපේ කණ්ඩායම නරක ලෙස ක්‍රීඩා කරලා නැහැ. අපි නොකළ යුතු වැරදි කරලා තියෙනවා. නෙදර්ලන්තයට එරෙහිව ක්‍රීඩා කළ අවසන් තරගය නෙදර්ලන්තයට ගොඩක් හොඳට ක්‍රීඩා කළා ඒකෙන් අපිට විශ්වාසයක් ලැබෙනවා හෙට එංගලන්තය් පරාජය කළ හැකි බවට විශ්වාසයක් ඇති කර ගැනීමට.


ඔබට සැලසුමක් තිබෙනවාද, ඔබ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස පැමිණි නිසා හෙට පන්දු යැවීමට සැලසුමක් තිබෙනවාද?

නායකයා මට පන්දුව ලබා දුන්නොත්, පැහැදිලිවම මම පන්දු යවනවා. මම පන්දුවාර කිහිපයක් යැවීමට සූදානම්ව ඉන්නවා, මොකද මම පන්දු යවනවා නම්, කණ්ඩායම තේරීමේදී නායකයාට වාසියක් ලැබෙනවා.


කුසල් මෙන්ඩිස්, වසර අටකට පෙර ඔබේ නායකත්වය යටතේ ඔහුගේ මංගල තරගය ක්‍රීඩා කළා දැන් ඔබ ඔහු යටතේ ක්‍රීඩා කරනවා. ඔහු මේ වසර අට තුළ කොපමණ දුරක් ඇවිල්ලා තියෙනවා ද?

ඔහු පසුගිය වසර පහ හය තුළ බොහෝ පරිණත වී ඇත. දැන් ඔහු ඉදිරියෙන් පෙරමුණ ගෙන ෆියර්ලස් ක්‍රිකට් එකක් ක්‍රීඩා කරමින් ඔහුගේ පරිණතභාවය පෙන්වනවා. මම විවිධ නායකයින් යටතේ ක්‍රීඩා කරලා තියෙනවා. ඔවුනුත් මා යටතේ ක්‍රීඩා කරලා තියෙනවා. ඒක චක්‍රයක්. අපි හැමෝම ඒ චක්‍රය ඇතුලට යනවා, ඊට පස්සේ අපි එනවා, අපි එළියට යනවා, ඊළඟ පරම්පරාව එනවා, කුසල් යටතේ ක්‍රීඩා කිරීම මට සතුටුයි.


හෙට මැච් එක ගැන කතා කරනවනම්, ක්‍රිස් සිල්වර්වුඩ් ඉන්න එක ඔයාලට කොච්චර වාසි ද. ඒ වගේම පසුගිය ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව එංගලන්තය පරාජය කිරීමත්, ඔබ කණ්ඩායමේ සාමාජිකයෙක් වීමත්, එම දස්කම් නැවත නැවතත් කළ හැකි බවට ඔබට කෙතරම් විශ්වාසයක් තිබෙනවාද?


ඔව් මේක වෙනස් තත්වයන් යටතේ වෙනස් කණ්ඩායමක් එක්ක ක්‍රීඩා කරන්නේ. පැහැදිලිවම, ක්‍රිස් ඔවුන්ගේ බොහෝ ක්‍රීඩකයින් ගැන දන්නවා. අපි ඔවුන්ගෙ කණ්ඩායම ගැන ද සාකච්ඡා කළා. අපි ශක්තිමත් එංගලන්ත කණ්ඩායමකට එරෙහිව ජයග්‍රහණය කිරීමට නම් අපේ A මට්ටමේ ගේම් එක ගහන්න ඕනා. ඔවුන් ඉතා භයානක කණ්ඩායමක්. හෙට තණතීරුව හොද තණතීරුවක්, කුඩා පිටියක්, ඒ නිසා අපි සටන් කළ යුතුයි.


ඔබ දැන් කණ්ඩායමට පැමිණෙන්නේ ආබාධයකට ආදේශකයක් ලෙස, නමුත් ඔබ අත්දැකීම් සම්භාරයක් සමඟ එන්නේ. මේ ඔබේ සිව්වන ලෝක කුසලානය. ඉතින්,ඔබේ මානසිකත්වය කොහොමද ?


ක්‍රිකට් මට බොහෝ දේ උගන්වා තියෙනවා. මා වටා සිදුවන දේ කෙරෙහි ඕනෑවට වඩා බලපෑම් කරනවාට වඩා මා කළ යුතු දේ කෙරෙහි අවධානය යොමු කිරීම මට ඉතා පහසුයි. මා කලින් සිටි පුද්ගලයාට වඩා ටිකක් පරිණතයි. ඒ නිසා මම පාලනය කිරීමට උත්සාහ කරන්නේ පාලනය කළ හැකි ඒවා විතරයි. අපි හැඟීම් තියෙන මිනිසුන්. එම හැඟීම්වලට ප්‍රතිචාර දැක්වීම ඔබට හානියක් වෙන්න පුලුවන්. එබැවින් මම සන්සුන්ව සිටීමට උත්සාහ කරනව්ද. මා කළ යුතු දේ කෙරෙහි අවධානය යොමු කරනවා. පැහැදිලිවම සෑම විටම නිවැරදි දේ කරන්න උත්සාහ කරන්න.


මෙය ඔබගේ අවසන් ලෝක කුසලාන තරඟාවලිය බව ඔබ ප්‍රකාශ කර ඇති අතර, ඔබේ රසිකයින්ට ඔබ ලබා දීමට කැමති පණිවිඩය කුමක්ද සහ මෙම සුවිශේෂී අවස්ථාව ගැන ඔබට හැඟෙන්නේ කෙසේද?

නිසැකවම, මා කලින් සඳහන් කළ පරිදි, මතීෂට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ආබාධයකට ලක්ව ලෝක කුසලාන තරගාවලියකින් ඉවත්වීමට සිදුවීම ඕනෑම ක්‍රීඩකයකුට සැබවින්ම කලකිරීමක්. ඉදිරි වසර දහය දොළහ තුළ ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාල සේවයක් කරනු ඇතැයි මම විශ්වාස කරනවා. ඒ නිසා ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.මෙය මගේ හතරවැනි එක්දින ලෝක කුසලාන තරගාවලිය. අවසන් පූර්ව වටයට පැමිණීමේ මූලික අරමුණ ඇතිව අපගේ හොඳම දස්කම් දැක්වීමට අප කණ්ඩායම සහ මම කැපවෙලා ඉන්නවා. එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට මම සම්පූර්ණයෙන්ම සූදානම්.

Back To Top