නැගී එන කණ්ඩායම සහ හේලිස් කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කරති!

[vc_row][vc_column][vc_column_text]වෙළඳ සේවා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ දෙවන දිනය වූ ඊයේ දින (4) තව්ව්ත් තරඟ තුනක්පැවති අතර ඉන් LB ෆයිනෑන්ස් සහ හේලිස් අතර තරඟය වර්ශාව නිසා ක්‍රීඩා නොකරම අතහැරදැමීමට සිදු විය.

ඊට අමතරව ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ MAS හෝල්ඩින්ස් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ සම්පත් බැංකු කණ්ඩායම

තරඟාවලියේ පළමු තරඟයට සහභාගී වන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ දෙවන තරඟයට සහභාගී වන සම්පත් බැංකු කණ්ඩායමඅතර තරඟයේ කාසියේ වාසිය දිනූ සම්පත් බැංකු නායක මුලින් පන්දු රැකීමට තීරණය කල අතර එම ආරාධනය අනුව පන්දුවට පහර දුන් ශ්‍රීලංකා නැගී එන කණ්ඩායම ලකුණු 139ක් රැස් කලේය.

සංගීත් කුරේ සහ ජනිත් ලියනගේ පිලිවෙලින් ලකුණු 31ක් සහ 29ක් රැස් කර තම දායකත්වය ලබා දුන්නේය.

ලකුණු 140ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සම්පත් බැංකු කණ්ඩායමට නොසිතූ දැඩි පීඩනයකට ලක් වෙමින් ඉලක්කය අසලකට හෝඒමට ශ්‍රී ලංකා නැගී එන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නෙ නැත.

තරඟාවලියේ ක්‍රීඩා කල දෙවන තරඟයේද පරාජය සනිටුවහන් වෙමින් සම්පත් බැංකු ඉනිම ලකුණු 59කට සිමා කිරීමට නිමන්ත සුභසිංහඇතුලු නැගී එන කණ්ඩායම් ක්‍රීඩකයන් සමන්විත විය.

ලකුණු සටහන

නැගී එන කණ්ඩායම : 139/9 (20)

සංගීත් කුරේ 31 , කුසල් ජනිත් 29

දසුන් ශානක 3/34 , මාලින්ද පුශ්පකුමාර 3/19

සම්පත් බැංකු : 59/10

දසුන් ශානක 27

නිමන්ත සුභසිංහ 4/14 , ධනංජය ලක්ශාන් 2/0

MAS යුනිචෙලා සහ ජෝන් කීල්ස්

ජෝන් කීල්ස් කණ්ඩායම පරදවා මාස් යුනිචෙලා කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යයා අනුව තරඟාවලියේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කිරීමටසමත් විය.

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති මෙම තරඟයෙන් ජෝන් කීල්ස් කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් හේලිස්කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 169ක් රැස් කරමින් ඉතා හොඳ ඉලක්කයක් ලබා දීමට සමත් විය.

වනිදු හසරංග පන්දු 16කදී වේගවත් ලකුණු 49ක් ද මහේල උඩවත්ත ලකුණු 45ක්ද රැස් කිරීමට සමත් විය.

ලකුණු 170ක දැවැන්ත ඉලක්කය හඹා ගිය ජෝන් කීල්ස් කණ්ඩායම පන්දුවාර 16කදී කඩුලු 6කට ලකුණු 106ක් රැස් කරගෙන සිටියදීඅයහපත් කාලගුණය තරඟයට බාධා එල්ල කරන්නට විය.

ඩක්වර්ත් ලුවිස් න්‍යය අනුව ලකුණු 132ක් එම අවසථාවේ රැස් කරගෙන සිටිය යුතු නිසා ලකුණු 26ක ජයග්‍රහණයක් හේලිස් කණ්ඩායමටහිමි විය.

රොශේන් ප්‍රනාන්දු ලකුණු 45ක් රැස් කල අතර භානුක රාජපක්ෂ ලකුණු හතරේ පහර දෙකක් සහ හයේ පගර තුනක් සමගින් වේගවත්ලකුණු 33ක් රැස් කලේය.

ලකුණු සටහන

හේලිස් : 169/7 (20)

වනිදු හසරංග 49, මහේල උඩවත්ත 45, චාමර සිල්වා 30

ඉශාන් ජයරත්න 3/30

ජෝන් කීල්ස් 108/6 ( 16)

රොශේන් සිල්වා 45*, භානුක රාජපක්ෂ 33

ලහිරු මධුසංඛ 2/20.

අද දිනද තරඟ තුනක් පැවත්වීමට නියමිතය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top