නිත්‍ය පුහුණුකරු ලෙස සනත් ජයසූරිය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කළ සනත් ජයසූරිය මහතා කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු ලෙස නම් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිල වශයෙන් නිවේදනය කළා.


ඒ අනුව ඔහු මෙම වසරේ ඔක්තෝබර් මස 1 වැනිදා සිට 2026 වසරේ මාර්තු 31 වැනිදා දක්වා එම ධුරයේ කටයුතු කරනු ඇති.
සනත් ජයසූරිය මහතා තාවකාලික පුහුණුකරු ලෙස පත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉහළ දක්ෂතා දැක්වීම හේතුවෙන් ඔහු නිත්‍ය පුහුණුකරු ලෙස පත් කිරීමට විධායක කමිටුව තීරණය කළ බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ.

Back To Top