නිපුන්ගේ නායකත්වයේ ඉනීම හා තුන් ඉරියව් දස්කම් නිසා ශ්‍රී ලංකාව පරාජයකින් ගැලවෙයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම හා බංගලාදේශ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද ජය පැරදුමකින් තොරව අවසන් විය..

තරගයෙ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 184ක් පමණි.එයට පිළිතුරු ලෙස බංගලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සියලු දෙනා දැවී ළකුණු 354ක් ලබා ගත්තේ ශ්‍රී ලංකාවට වඩා ළකුණු 170ක් ප්‍රථම ඉනීමේදී වාසියක් ලබා ගනිමිනි…

නිම පරාජයෙන් බේරීමේ සටනක නිරත ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ඊයේ දින අවසාන විට කඩුලු 5ක් දැවී ලකුණු 187ක් ලබා සිටියේ බංගලාදේශයට වඩා ළකුණු දාහතක් ඉදිරියෙන් සිටියේ කඩුලු 5ක් ඉතිරිව තිබියදීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් දියත් කළ නයක නිපුන් ධනංජය පන්දු 318ක් පුරා සිය කඩුල්ල ආරක්ෂා කරගනිමින් ළකුණු 81ක් ලබා ගත්තේ නායකත්වයේ වගකීම මොනවට පිළිඹිබු කරමිනි.ඔහුට අනගි සහයක් ලබාදුන් දිනූෂ ගමගේ ළකුණු 55ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 346 කට කඩුලු 9ක් බිදවැටී තිබියදීත් අත්හිටුවීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කරන ලදී..

මේ අනුව ජයග්‍රහණය වෙනුවෙන් බංග්ලාදේශ කණ්ඩායමට ළකුණු 177ක ඉලක්කයක් හිමිවුණ අතර තරඟයේ අවසන් වට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 37ක් ලබා සිටින ලදි…[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top