නිමාලිගේ අඩුව නොදැනෙන්නට ලක්මව රනින් බැබළවූ නිලානි

[vc_row][vc_column]දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා අංශයෙන් ප්‍රථම රන් පදක්කම දිනා දීමට නිලානි රත්නායක අද සමත් වූවාය.. මෙම රන් පදක්කම දිනාදුන් නිලානි ශ්‍රී ලංකා වෙනුවෙන් මෙවර සාග් තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් නොලැබූ ක්‍රීඩිකාවක් වීම විශේෂත්වයකි.ඇය මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ ජාතික ශූරිය වන අතර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව ඇතුළත් නොවීම හේතුවෙන් ඇයට මෙවර තරඟාවලිය මුලදී මගහැරුණි.

ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙවර සාග් තරගාවලිය නියෝජනය කිරීමට වරම් නොලැබූ මොහොතක ශ්‍රී ලංකාවේ මැරතන් ජාතික ශූරිය වන හිරුණි විජයරත්න සිය ඉසව්වක් වන මීටර් 5000 ඉසව්ව නිලානි වෙත ලබා දීමට කටයුතු කළ අතර ඇය මීටර් 10 000 ඉසව්ව හා මැරතන් ඉසව්ව පමණක් නියෝජනය කිරීමට තීරණය කළ හෙයින් නිලානි මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි විය.

අනතුරුව මලල ක්‍රීඩා කණ්ඩායමේ නායිකාව වන නිමාලි ලියනආරච්චි පසුගියදා අවාසනාවන්ත ලෙස හදිසි අනතුරකට මුහුණ පෑම හේතුවෙන් ඇයගේ මීටර් 1500 ඉසව්වේ රන් පදක්කම බලාපොරොත්තුව ශ්‍රී ලංකාව වෙතින් ගිලිහී ගිය අවස්ථාවේදී එම ඉසව්වට ඉදිරිපත් වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් නොලබා සිටි නිලානි රත්නායක ශ්‍රී ලංකා මාතාව රනින් සරසවා නිමාලිගේ අඩුව නොදැනෙන්නට කටයුතු කළාය.

ඉතින් දැන් ඇයගේ මීළඟ අභියෝගය වන්නේ මීටර් 5 000 ඉසව්වය..එම ඉසව්වද ජය ගෙන නේපාලයේ කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා ජාතික කොඩිය ලෙළ දෙවන්නට හැකි වේවායි ක්‍රීඩාලෝලීන් ලෙස අප ප්‍රාර්ථනා කරමු.

චානක මධුසාගර [/vc_column][/vc_row]

Back To Top