[vc_row][vc_column][vc_column_text]ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මගින් ආරාධිත ක්‍රීඩකයන් ලෙස ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට පිරිනැමෙන අවස්ථාව (Unversality Place) අනුව මීටර් 800 කාන්තා ඉසව්ව නියෝජනය කරන නිමාලි ලියනාරච්චි ඔලිම්පික් වරම් හිමිකරගෙන තිබෙනවා .
අදාල ඉසව්වේ ලෝක මට්ටමේ ශ්‍රේණිගත කිරීම් වල ඉහල ස්ථානයක(56) පසුවන නිමාලි ලියනාරච්චි ව ඒ සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් යෝජනා කරනු ලැබුවේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා මෙරට කිසිඳු ක්‍රීඩිකාවක් සුදුසුකම් ලැබීමට සමත් නොවුණහොත් ලබාදෙන අවස්ථාවට දැනට ශ්‍රේණි ගත කිරීම් වල ඉහළම ස්ථානයේ සිටින්නේ ඇය බැවිනි. මේ සදහා නම් කල හැක්කේ කෙටි දුර සහ මැදි දුර ඉසව් පමණයි.
ඒ අනුව ඔලිම්පික් සුදුසුකම් ලැබීම ආසන්නයේ සිටි නිලානි රත්නායක ට ඔලිම්පික් නියෝජනය කිරිමට අවස්ථාව හිමිනොවන්නේ ඇය තම ඉසව්වේ 46 වැනියා ලෙස ශ්‍රේණිගත වීමයි. මීටර් 3000 කාන්තා බාධක දිවීමේ ඉසව්ව සඳහා සහභාගී කරවාගන්නා උපරිමය 45ක්. නිලානි ශ්‍රේණිගත කිරීමේ ස්ථානය 46 වීමත්, ආරාධිත අවස්ථාව ඇයගේ තරග් ඉසව්ව සඳහා පිරිනැමීමක් සිදු නොවන නිසාත් අවාසනාවන්ත ලෙස නිලානි ට ඔලිම්පික් වරම් අහිමි වනු ඇති.
මීට පෙර ජාතික ඔලිම්පික් කමිටුව නිවේදනය කළේ නිලානි රත්නායක ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගත් බවයි. කෙසේ නමුත් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව අද නිවේදනය කළේ නිලානි රත්නායක වෙනුවට නිමාලි ලියනාරච්චි ඔලිම්පික් උළෙල නියෝජනය කරන බවයි.
කෙසේ නමුත් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය තවමත් ඔලිම්පික් මලල ක්‍රීඩා ඉසව් සඳහා එක්වන අවසන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් ප්‍රකාශයට පත් කර නැහැ.[/vc_column_text][/vc_column][/vc_row]