නිලූක බැඩ්මින්ටන් පිටියට සමුදෙයි

[vc_row][vc_column][vc_column_text]

ශ්‍රී ලංකා සුපිරි බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න ක්‍රීඩා දිවියට සමු දීමට තීරණය කොට ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ සහෝදරයා වන නිලූක සිය සමුගැනීම පිළිබඳව ජාතික ඔලිම්පික් කමිටුව නිළ වශයෙන් දැනුම් දී ඇත. නිලූක කරුණාරත්න සිය ක්‍රීඩා දිවිය තුළ නොකඩවා වසර 17ක් ජාතික ශූරයා ලෙසින් කිරුලු දරන්නට සමත් වද්දී ලක්මාතාවට ජාත්‍යන්තර තරග ඉසව්වලදී පදක්කම් 34ක්ද දිනා දෙන්නට සමත් විය.

නිලූක කරුණාරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවරක් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයෙකි. ඔහු 2012 ලන්ඩන්, 2016 රියෝ, 2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළේය. එමෙන්ම ශ්‍රී ලංකා වෙනුවෙන් ලෝක ශූරයා තරගාවලි 5කදී ද සිංහ කොඩිය යටතේ තරග බිමට පිවිසියේය. හයවරක් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා කළ නිලූක ආසියානු ක්‍රීඩා තරගාවලියටද දෙවරක් ක්‍රීඩා කළේය

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top