ඕස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනයේදී තරගයේ පාලනය ඕස්ට්‍රේලියානුවන් අතට පත් වීමත් සමඟ නේතන් ලයන්ගේ ටෙස්ට් කඩුලු ගණන 499 දක්වා ඉහළට ගොස් ඇත.
ලකුණු 132ට කඩුලු 2ක් ලෙස දිනය ආරම්භ කරන විට පාකිස්තාන ලකුණු පුවරුව දිස්වුවද ඔවුන්ගේ පළමු ඉනීම ලකුණු 271කට සීමා විය. එහිදී දගපන්දු යවන ක්‍රීඩක නේතන් ලයන් ලකුණු 66කට කඩුලු 3ක් දවා ගත්තේය. ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් සිය පළමු ඉනිමේදී ලකුණු 62ක් සංචාරකයන් වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමිනි.
ඔස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිමේදී ලකුණු 84 කට කඩුලු 2ක් ලෙස දිනය නිමා කළේ පාකිස්තානයට වඩා ලකුණු 300කින් ඉදිරියෙන් සිටිමිනි. ඒ අනුව නේතන් ලයන් මෙම තරගයේදී තවත් එක් කඩුල්ලක් දවාගතහොත් ඔහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 500 දවාගත් තෙවන පන්දු යවන්නා බවට පත් වනු ඇත.
මින් පෙර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ශේන් වෝන් හා ග්ලෙන් මැග්‍රාත් ටෙස්ට් කඩුලු 500 සීමාව පසුකරන්නට සමත් විය. ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ කඩුලු 500 සීමාව පසුකරන්නට සමත් වී ඇත්තේ පන්දු යවන්නන් හත්දෙනෙකු පමණි. තවත් එක් කඩුල්ලක් දවාගතහොත් 2010 වසරෙන් පසුව ටෙස්ට් වරම් ලබා කඩුලු 500ක් දවාගත් පළමු පන්දු යවන්නා බවට පත් වීමට නේතන් ලයන්ට හැකිවනු ඇත.