[vc_row][vc_column][vc_column_text]
පකිස්ථාන – ශ්රී ලංකා දෙවන ටෙස්ට් තරඟයෙන් ලකුණු 263ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට පකිස්ථානය කණ්ඩායම සමත් විය.
මෙම තරඟය ජය්රහණය කිරීමත් සමඟ තරඟාවලිය 1-0ක් ලෙස පහසුවෙන්ම ජයග්රහණය කර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ප්රසාදලකුණු 60ක් ලබා ගැනීමට සමත් විය.
තරඟයේ පස්වන දිනය එනම් අද දින තරඟය ආරම්භ වන විට ශ්රී ලංකා ඉනිමේ කඩුලු 7ක් දැවී ගොස් තිබූ අතර හුදකලා සටනක නිරත වීසිටි ඕශධ ප්රනාන්දු නොදැවී ලකුණු 102ක් රැස් කරගෙන සිටියේය. ජයග්රහණයට ලකුණු 263ක් පසුපසින් සිටි ශ්රී ලංකා කණ්ඩායමේ එකමබලාපොරොත්තුව වූයේ අද දින කඩුලු 3 හැකි තරම් ආරක්ශා කරගැනීමයි.
එහෙත් එම සියලු බලාපොරොත්තු සුන් කරමින් අද දිනයේ කිසිදු ලකුණු රැස් කිරීමට පෙර ඉතිරිව තුබූ කඩුලු 3 දවා ගැනීමට පකිස්ථානපන්දු යවන්නන් සමත් විය.
විනාඩි 16ක් සහ පන්දු 15කදී එම කඩුලු 3 දවාගනිමින් ජයග්රහණය තහවුරු කරගැනීමට පකිස්ථානය සමත් විය.
තරඟයට ඉතා හොඳ ආරම්භයක් ලබා ගනිමින් පකිස්ථාන පළමු ඉනිම ලකුණු 191කට සීමා කලද දෙවන ඉනිමේ ක්රීයාත්නක වූ පකිස්ථානමුල් පෙල පිතිකරුවන් ශතක හතරක් රැස් කරමින් දැවන්ත ලකුණු 555ක් රැස් කිරීමට සමත් වූ නිසා තරඟයේ වාසිය මුලුමනින්මපකිස්ථානය වෙත නතු විය.
මෙම තරඟයේ දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා යන පිතිකරුවන් අසාර්ථක වූ අතර දිලෘවන්පෙරේරා හටද පන්දුවෙන් සුපුරුදු දස්කම් දැක්වීමට අපොහොසත් විය.
සිය මංගල තරඟාවලියට සහභාගී වූ අබිඩ් අලී ඉනිම් තුනක්දී ශතක දෙකක් රැස් කරමින් තරඟාවලිය පුරා පකිස්ථාන කණ්ඩායම සවිමත්කල අතර බාබර් ආසම්ද ශතක දෙකක් වාර්තා කිරීමට සමත් විය.
තරඟ සාරාංශය
කිස්ථාන පළමු ඉනිම – 190 / 10
බාබර් අසාම් 60, අසාඩ් සෆීක් 63
ලහිරු කුමාර 4/49, ලසිත් ඇඹුල්දෙණිය 4/71
ශ්රී ලංකා පළමු ඉනිම – 271/10
දිනේශ් චන්දිමාල් 74, දිලෘවන් පෙරේරා 48
ශහීන් අෆ්රිඩි 5/ 77 , මොහමඩ් අබ්බාස් 4/77
පකිස්ථාන දෙවන ඉනිම – 555-3
ශාන් මසූඩ් 135, අබ්ඩි අලි 174
ලහිරු කුමාර – 2/139
ශ්රී ලංකා දෙවන ඉනිම 212
ඕශධ ප්රනාන්දු 102, නිරෝශන් දික්වැල්ල 65
නසීම් ශා 5/31 , යාසිර් ශා 2/84
මෙම තරඟාවලි පරාජයත් සමඟ ශ්රී ලංකාවට අදාල මෙම වසරට අදාල සියලු අන්තර්ජාතික තරඟ නිමා වූ අතර 2020 වර්ශයේ තරඟආරම්භ කරමින් ජනවාරි මස විස්සයි විස්ස තරඟ තුනක් සඳහා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතය.
[/vc_column_text][/vc_column][/vc_row]