පරාජයේ වේදනාව මැකීයන්නටත් පෙර පාකිස්තානයට දඩයක් නියම වෙයි

2023 ICC ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේදී මන්දගාමී පන්දුවාර වේගයක් පවත්වා ගැනීම හේතුවෙන් පාකිස්තානයට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් සියයට 20 ක දඩයක් නියම කර තිබේ.

ඊයේ දිනයේදී තරග තීරක ලෙස කටයුතු කළ රිචී රිචඩ්සන් විසින් තීරණය කළේ පාකිස්තාය නිමමිත පන්දුවාර වේගයට වඩා පන්දුවාර 4ක් පසුපසින් සිටින බවයී. ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව, ක්‍රීඩකයින්ට නියමිත කාලය තුළ පන්දු යැවීමට අපොහොසත් වන සෑම ඕවරයකටම ඔවුන්ගේ තරඟ ගාස්තුවෙන් සියයට පහක දඩ මුදලක් අය කෙරේ.

බබාර් වරද පිළිගත් බැවින් විධිමත් විභාගයක් අවශ්‍ය නොවීය. පිටියේ විනිසුරුවන් වූ Alex Wharf සහ Paul Reiffel, තුන්වන විනිසුරු Richard Illingworth සහ සිව්වන විනිසුරු Richard Kettleborough විසින් මෙම චෝදනාව එල්ල කරන ලදී.

Back To Top