[vc_row][vc_column][vc_column_text]
ආසියානු කුසලාන තරගාවලිය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායම් නායක අර්ජුන රණතුංග අදහස් දක්වා ඇත. ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවීණ මාධ්‍යවේදී සරත් ජයසිංහගේ ‘විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ විශිෂ්ට ඉනිම’ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ඔහු මෙලෙසින් අදහස් දක්වා ඇත.
පසුගියදා අවසන් වූ ආසියානු කුසලානය ගැන මට ප්‍රශ්න කිහිපයක් තියෙනව, නමුත් පරාජය ගැන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට හෝ නායකයාට දොස් කියන්න එපා. අපි දැක්කා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිතුමා ඇමෙරිකානු ඩොලර් 50,000ක් ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩලයට දෙනවා. අපි දන්නවා ඔවුන් විශිෂ්ට කාර්ය භාරයක් කළා. ඒත් මීට කලින් අවස්ථාවල ඔවුන්ට සංවිධායකයින්ගෙන් මෙවැනි ත්‍යාගයක් ලැබුණෙ නැ. ඒ දවස්වල ඉඳන් අපේ ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකට පුලුවන් අනුවර්තනය වෙන්න වගේම ඉක්මනට හිතලා වැඩක් කරන්න. ඔවුන්ට කිසි දිනක මේ ආකාරයෙන් ත්‍යාග ලැබෙන්නේ නෑ. තරගයේ වීරයා වුනු මොහොමඩ් සිරාජ් තමන්ගේ චෙක්පත ඔවුන්ට පරිත්‍යාග කරන අයුරු අපි දැක්කා.
ඒ විතරක් නෙවෙයි අපි දැක්කා ආසියානු කුසලාන තරඟාවලියේ නීති එකපාරටම වෙනස් වෙලා ඉන්දියාව සහ පකිස්තානය අතර තිබුණු සුපිරි හතර තරඟයට අතිරේක දිනයක් හඳුන්වා දුන්නා. මෙය මීට පෙර කිසි දිනෙක තරඟාවලියක සිදු වෙල නෑ. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් කිසිවෙක් මේ ගැන කතා කරේ නෑ. මම මේ අසාධාරණ සිදුවීම පෙන්වා දිය යුතුයි
අද මාධ්‍යයට ලොකු වගකීමක් ගන්න වෙලා තියෙනවා. නමුත් යම් යම් හේතූන් නිසා මේ සිද්ධිවල වැරදි පෙන්වා දෙන්න ඔවුන් අසමත් වුණා. ක්‍රිකට් විගණන වාර්තාව පාර්ලිමේන්තුවට භාරදුන්න, විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලුම දූෂණ අවසන් කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා උත්සාහ කිරීම හොඳ දෙයක්[/vc_column_text][/vc_column][/vc_row]