[vc_row][vc_column][vc_column_text]කොදෙව් – ශ්‍රී ලංකා පළමු එක්දින තරගය පැවැත්වුණේ කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළා.
ඒ අනුව කොදෙව් ඉනිම ආරම්භ කළේ ශායි හෝප් සහ සුනිප් ඇම්බ්‍රීස්. ආරම්භක කඩුල්ලේ සබධතාව ලකුණු 10 ක් වන විට ඇම්බ්‍රිස් ලකුණු 3 කට දැවී ගියා. ඩැරන් බ්‍රාවෝ ලකුණු 39 ක් රැස් කළ අතර රොස්ටන් චේස් ලකුණු 41 යි. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ශායි හෝප් තම 9 වැනි එක්දින ශතකය සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 115 ක්. ඔහුගේ ඉනිමට 4 පහර 10 ක් ඇතුලත් වුණා. කොදෙව් කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 7 ක්දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 289 ක්. කීමෝ පෝල් නොදැවී ලකුණු 32 ක් සහ හේඩ්න් වෝල්ෂ් නොදැවී ලකුණු 20 ක් රැස් කළා.
පන්දු යැවීමේදී ඉසුරු උදාන කඩුලු 3 ක් බිද හෙලුවා. පිලිතුරු ලෙස ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කෙල් අවිශ්ක ප්‍රනාන්දු සහ නායක දිමුත් කරුණාරත්න. ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 111 ක සබධතාවක් ගොඩනැගුවා. පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාතරන ලකුණු 50 කට දැවී ගියා. ඔහු වාර්තා කළේ තම එක්දින ක්‍රිකට් දිවියේ 5 වැනි අර්ධ ශතකයයි. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 52 යි. ඔහු වාර්තා කළේ තම එක්දින දිවියේ 3 වැනි අර්ධ ශතකයයි. කුසල් මෙන්ඩිස් ලකුණු 20 කට දැවී ගිය අතර ඇන්ජලෝ මැතිව්ස් රැස් කළේ ලකුණු 5 ක් පමණයි. ධනංජය ද සිල්වා ලකුණු 18 යි. කුසල් පෙරේරා ලකුණු 42 ක් රැස් කළා. තිසර පෙරේරා ලකුණු 32 කට දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙස.
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යනු ලැබුවේ වනිදු හසරංග විසින්. ඔහු පන්දු පන්දු 39 කදී නොදැවී ලකුණු 42 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 4 ක් සහ 6 පහරක් ඇතුලත්. ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 49 යි පන්දුවක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 290 ක් රැස් කරමින්. මෙම ජයග්‍රහණය වාර්තා අතරට එක් වුණේ එස් එස් සී පිටියේදී ජාත්‍යන්තර එක්දින තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජය ගත් තරගය ලෙසයි. මේ අතර කොදෙව් කණ්ඩායමට එරෙහිව හඹා ගොස් ජය ගත් දෙවැනි වැඩිම ලකුණු සංඛයාව ලෙසද මෙය වාර්තා අතරට එක් වුණා. තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ වනිදු හසරංග.[/vc_column_text][/vc_column][/vc_row]