ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා. තරගය අද පැවැත්වුණේ නවසීලන්තයේ වෙලින්ටන් හිදී.
කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාව පිළට ආරාධනා කළා.
ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දුවාර 43 යි පන්දු 4 කදි සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 178 ක්. වැඩිම ලකුණු ලාභියා වූ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 56 යි. ජනිත් ලියනගේ ලකුණු 36 ක් සහ වනිදු හසරංග ලකුණු 35 ක් ලබාගත්තා.
පන්දු යැවීමේදි මැට් හෙන්රි කඩුලු 4 ක් බිඳහෙලුවා. අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 26 යි පන්දු 2 කදි එක් කඩුල්ලක් දැවී ලකුණු 180 ක් රැස් කරමින් තරගයෙන් පහසු ජයක් හිමිකර ගත්තා.
විල් යන්ග් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 90 ක්. රචීන් රවින්ද්‍ර ලකුණු 45 යි. ශ්‍රී ලංකා – නවසීලන්තය දෙවැනි එක්දින තරගය ලබන 8 වැනිදා හැමිල්ටන් හිදී පැවැත්වීමට නියමිතයි.