නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පළමු 20-20 තරගය, කඩුලු 7 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත් වුණේ, නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හිදී.
තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලනත්ය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව, ඔවුන් පන්දුවාර 18 යි පන්දු 5 කදී සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 101 ක්. එමා මැක්ලීඩ් ලකුණු 44 යි. නායිකා සුසි බේට්ස් ලකුණු 21 ක් සහ ජේස් කේර් ලකුණු 10 ක් රැස් කළා.
කණ්ඩායමේ සෙසු කිසිදු ක්‍රීඩිකාවක් ලකුණු 10 සීමාව පසු කළේ නැහැ. පන්දු යැවීමේදී මල්කි මදාරා කඩුලු 3 ක් දවා ගත්තා.
ඉනෝෂි ප්‍රියදර්ශනී සහ කවීෂා දිල්හාරි අතර කඩුලු 2 බැගින් බෙදී ගියා. පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 14 යි පන්දුවකදී කඩුලු 3 ක් දැවී ලකුණු 102 ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළා.
විශිෂ්ට පිතිහරඹයක නිතර වූ නායිකා චමරි අතපත්තු පන්දු 48 කදී නොදැවී ලකුණු 64 ක් රැස් කළා. ඊට 4 පහර 9 ක් සහ 6 පහර 2 ක් ඇතුළත්. තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය මල්කි මදාරාට හිමි වුණා.
Photo – Sanka Vidanagama