පළමු දිනයේ තරග 13වන දිනට කල් යයි

[vc_row][vc_column][vc_column_text]ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු දිනය වන අද (12 දා) පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙක වර්ෂාව හේතුවෙන් අත හැර දැමීමට තරග බලධාරීහු තීරණය කළහ. පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයට ඇද හැළෙන වර්ෂාව තවදුරටත් පැවැතීම හේතුවෙන් ඉහත තීරණය ගෙන තිබේ.

ප.ව. 1.45 ට පමණ ආරම්භ වුණු වර්ෂාව දිගින් දිගටම පැවැතීම හේතුවෙන් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ පළමු තරගය වන දසුන් ශානකගේ ග්‍රේස් සහ අශාන් ප්‍රියන්ජන්ගේ ග්‍රීන්ස් අතර තරගය ප.ව. 3.15 ට අත හැර දැමීමට තරග විනිසුරුවෝ තීරණය කළහ. ඒ අනුව දෙවැනි තරගය වන ප.ව. 7.00 ට ආරම්භවීමට නියමිතව තිබූ දිනේෂ් චන්දිමාල්ගේ රෙඩ්ස් සහ ධනංජය ද සිල්වාගේ බ්ලූස් අතර තරගයද හෙට දිනය දක්වා කල් දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව හෙට දිනයේදී පළමු තරගය ප.ව. 2.30 ටත් රාත්‍රී තරගය ප.ව. 7.00 ටත් ආරම්භ වනු ඇත.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top