[vc_row][vc_column][vc_column_text]සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු පුහුණු තරගයෙන් කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩාම සමත් වුණා. තරගය පැවැත්වුණේ කොළඹ පී සරා ක්‍රීඩාංගණයේදීයි.
මෙම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම මෙහෙයවූ උපුල් තරංග ශතකයක් වාර්තා කිරීම කැපී පෙනුණා. තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව කොදෙව් කණ්ඩායම පන්දු වාර 49 යි පන්දු 4 ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 282 ක් රැස් කළා. ඩැරන් බ්‍රාවෝ ලකුණු 100 යි. සුනිල් ඇම්බ්‍රීස් සහ නිකලස් පූරන් ලකුණු 41 බැගින් රැස් කළා. පන්දු යැවීමේදී ඩිල්ෂාන් මදුශංක කඩුලු 3 යි. අසිත ප්‍රනාන්දු කඩුලු 2 ක් බිද හෙලුවා.
පිලිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 47 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 283 ක් රැස් කරමින්. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක උපුල් තරංග ලකුණු 120 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 16 ක් සහ 6 පහරක් ඇතුලත්. අසේල ගුණරත්න ලකුණු 64 යි. පන්දු යැවීමේදී ශෙල්ඩන් කොට්‍රල්, හෙයිඩ්න් වෝල්ෂ් සහ ෆාබියන් ඇලන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.