[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් පළමු 20 යි 20 තරගය පැවැත්වුණේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක කිරන් පොලාඩ් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. කිරන් පොලාඩ් සහභාගී වූ 500 වැනි 20 යි 20 තරගය මෙයයි. මෙම කඩඉම පසුකල ලොව පළමු ක්‍රීඩකයා වන්නේද කිරන් පොලාඩ්. තරගයේදී කොදෙව් ඉනිම ආරම්භ කළේ ලෙන්ඩ්ල් සිමන්ස් සහ බ්‍රෙන්ඩන් කිංග්. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සබධතාව ලකුණු 74 ක්. බ්‍රෙන්ඩන් කිංග් පන්දු 25 කදී ලකුණු 33 ක් ලබා සිටියදී පලමු කඩුල්ල ලෙස දැවී ගියා. නිකලස් පූරන් ලකුණු 14 ක් ලබා සිටියදී දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ වනිදු හසරංගගේ පන්දුවක් හමුවේයි. ඇන්ඩ්‍රෙ රසල් පන්දු 14 කට පමණක් මුහුණ දෙමින් ලකුණු 35 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 2 ක් සහ 6 පහර 4 ක් ඇතුලත්. කිරන් පොලාඩ් පන්දු 15 කදී ලකුණු 34 ක් රැස් කළා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ලෙන්ඩ්ල් සිමන්ස් නොදැවී ලකුණු 67 ක් රැස් කළා. පන්දු 51 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 7 ක් සහ 6 පහර 2 ක් ඇතුලත්. නොදෙව් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී කඩුලු 4 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 196 ක්. ශ්‍රී ලංකාවට එරෙහිව 20 යි 20 තරගයකදී කොදෙව්වන් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙයයි.
පිලිතුරු ලෙස ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් ජනිත් පෙරේරා. පළමු කඩුල්ල ලෙස අවිශ්ක ලකුණු 7 කට දැවී ගියා. ශෙහාන් ජයසූරිය සහ කුසල් මෙන්ඩිස් ලකුණු රැස් කිරීමට සමත්වුණේ නැහැ. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 10 කටත් දසුන් ශානක ලකුණු 2 කටත් දැවී ගියා. ශ්‍රී ලංකා කණ්ඩයමේ පළමු කඩුලු 5 දැවී ගියේ ලකුණු 56 කට. කුසල් ජනිත් පෙරේරා තම 20 යි 20 ක්‍රිකට් දිවියේ 12 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට මෙම තරගයේදී සමත් වුණා. 6 වැනි කඩුල්ල සදහා කුසල් ජනිත් පෙරේරා සහ වනිදු හසරංග ගොඩනැගූ සබධතාව ලකුණු 87 ක්. වනිදු 6 වැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 44 කට. පන්දු 34 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 4 ක් ඇතුලත්.
විශ්ෂය ඉනිමක් ගොඩනැගූ කුසල් ජනිත් රැස් කළ ලකුණු සංඛ්‍යාව 66 ක්. පන්දු 38 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 6 ක් සහ 6 පහර 3 ක් ඇතුලත්. තිසර පෙරේරා ලකුණු 11 කට දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙස. ඉසුරු උදාන ලකුණු 3 යි. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 19 යි පන්දු 1 ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළේ ලකුණු 171 පමණයි. ඒ අනුව කොදෙව් කණ්ඩායම තරගය ජය ගත්තේ ලකුණු 25 කින්. පන්දු යැවීමේදී ඔශේන් තෝමස් ලකුණු 28 කට කඩුලු 5 ක් බිද හෙලුවා.[/vc_column_text][/vc_column][/vc_row]