ප්‍රමෝද් මධුෂාන්, අශ්වින්ගේ පැසසුමට

[vc_row][vc_column][vc_column_text]

හසුරු කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර ඊයේ දිනයේ පැවති තරගයෙන් කඩුලු 2ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. පිට ඉන්නට පිටතින් පන්දුවාරයේ සිවුවන පන්දුව යොමු කරන්නට සමන් ඛාන් සමත් වද්දී පිත්තෙන් නො දැවටුණු එම පන්දුව කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් අතට පත්විය. ක්ෂණයෙන් ක්‍රියාත්මක වූ චරිත සමඟ සිය අන්තය මාරු කර ගැනීමට කඩුල දෙසට දිව යද්දී රිස්වාන් හොඳ කඩුල්ලට එල්ල කරන්නට විය.

නමුත් ඉතා ඥානාන්විත අන්දමින් කටයුතු කළ ප්‍රමෝද් මධුෂාන් පන්දුව කඩුල්ල පසු කරන තුරුම පිත්ත සීමා ඉර මත තබා ගනීමින් චරිත්ව ආරක්ෂා කරන්නට විය. එහි ප්‍රතිඵලය ලෙසින් ප්‍රමෝද් දුවද්දී දැවී යාමට හසුවුවද චරිත් අසලංක තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත් විය. මේ සම්බන්ධයෙන් ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක අශ්වින් ගේ පැසසුම ප්‍රමෝද් ට හිමිවිය. සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් අශ්වින් මෙලෙස සඳහන් කොට ඇත

“ඇත්තටම ඒක ආකර්ෂණීයයි. ඌට පන්දුව මඟ ඇරෙනවා. අසලංක කඩුල්ල දෙසට දිව එනවා. නමුත් මේ ක්‍රීඩකයා තමන්ගේ සීමා ඉරේ රැඳී ඉන්නවා කඩුලූ රකින්නාට ඔහුගේ අවස්ථාව මඟ හැරෙනකං. මේ වගේ රිඇක්ෂන් එකක් නිසැකවම එන්නෙ පුහුණුවීම් එක්කලා. මේක ගොඩක් දුරට වෙන්නේ සැහැල්ලු පන්දු ක්‍රිකට් වල”[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top